නැවතත් මහින්ද අගමැති???

Date:

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා පවසන්නේ, අග්‍රාමාත්‍යධුරය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමේ සැලසුමක් ඇති බවත්, ආණ්ඩු පක්ෂයේ මිත්‍රයින් ඒ සඳහා සහාය ඉල්ලා සිටි බවත් ය.

ඒ බව පවසන පාර්ලිමේන්තුමන්ත්‍රී චන්න ජයසුමන

“අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කරන්න යම් වැඩපිළිවෙලක් යනවා කියලා.. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ඉන්න මිත්‍රයෝ අපිටත් එහෙම යෝජනාවක් අරගෙන ආවා.”

“දිනේෂ් ගුණවර්ධන මහතාව අයින් කරලා මහින්ද රාජපක්ෂ මහතාව නැවත වතාවක් අගමැති ධුරයට පත් කිරීම සඳහා වැඩපිළිවෙලක් තියෙනවා කියලා.”

“අපි හිතන්නේ නැහැ හිසේ අමාරුවට කොට්ටෙ මාරු කරලා හරියයි කියලා. ආණ්ඩුව ගෙදර යන එක තමයි කරන්න ඕනේ. අගමැති ධුරය වෙනස් කරලා රටේ තියෙන ප්‍රශ්නවලට උත්තර හොයන්න බැහැ.”

“මේ උත්සාහයට අපි සහාය දෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ මහතා දැන් දේශපාලනයෙන් විශ්‍රාම ගිහින් විවේක සුවයෙන් ගෙදර ඉන්න ඕනේ”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුර හෑගොඩයන් විසින් රචිත “හිමකැටි ආදරය” සමඟ ගෙවූ රසවත්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...