බලශක්ති අර්බුදය ගැන විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට තීරණාත්මක ප්‍රශ්න පහක් ! (VIDEO)

Date:

විදේශ විනිමය අර්බුදය කළමනාකරණය කරගත නොහැකි ආණ්ඩුව අද වනවිට රට බරපතළ බලශක්ති අර්බුදයක් කරා ගෙන ගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටේ බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් අවම හෝ සැලකීමක් තිබුණේ නම් ආණ්ඩුව කළ යුතුව තිබුණේ බලශක්ති අවශ්‍යතාව සම්බන්ධයෙන් නිසි පුරෝකථන මත පිහිටා සැලසුම් සහගත ඉන්ධන මිලදී ගැනීමකට යොමුවීම බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

රටේ ඇත්තේ බලශක්ති අර්බුදයක් නොව ඩොලර් අර්බුදයක් බවට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පසුගියදා කළ ප්‍රකාශය සිහිපත් කළ විපක්ෂ නායකවරයා ඊට හේතුව වූයේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණි වහාම කෝටිපතියන්ට ලබාදුන් රුපියල් බිලියන 600 – 800 අතර අති විශාල බදු සහනය බවත් සිහිපත් කළේය.

ඒ අනුව,

ඉන්ධන නොමැතිවීම මත රට බරපතළ අර්බුදයකට පත්ව ඇති බව රජය පිළිගන්නේද ?

වාහන සඳහා භාවිතා කිරීමට මේ වනවිට රට සතු ඩීසල් සහ පෙට්‍රල් සංචිතය කොපමණද ?

තාප බලාගාර පවත්වාගෙන යෑමට දෛනිකව ඩීසල් හා දැවිතෙල් කොපමණ අවශ්‍යද ? ඉදිරි මාස තුන සඳහා මෙම බලාගාරවලට ඉන්ධන සපයා ගැනීමට අවශ්‍ය විදේශ විනිමය සපයා ගැනීමේ වැඩපිළිවෙල කුමක්ද ?

විදුලිය අඛණ්ඩව සැපයීමට සැලැස්මක් නොමැති නම් ඉදිරි මාසයක කාලයේදී විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් නිශ්චිත සැලැස්මක්වත් රජය සතුද ?

කොවිඩ් වසංගතය නිසා හානියට පත් කර්මාන්ත මෙම විදුලි කප්පාදුව නිසා නැවත වරක් අර්බුදයට යෑම වළක්වා ගැනීමට එම කර්මාන්ත සඳහා අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමට රජය සතු වැඩපිළිවෙල කුමක්ද ?

යනුවෙන් විපක්ෂ නායකවරයා රජයෙන් ප්‍රශ්න කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෙනස්වීම් සහ අලුත්වීම් ඉල්ලන පරාජයන්

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: තරගාවලිය 3-0 ට පරාජය...

නඩු පිට නඩු වැටුණු කෙහෙළිය පවුල:තවත් නඩු දෙකකට අධි චෝදනා!

කොළඹ LNW:හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල,...

Close Up Photographer Of The Year මෙවරත් සමීප ඡායාරූපකරණයට නවමු මුහුණුවරක් එක් කරමින්!

සටහන – පුලී නොවැම්බර් 17, කොළඹ (LNW): සොබාදහමේ සැඟවුණු සුන්දරත්වය සමීපව...