*
Friday, September 20, 2024
spot_img

Latest Posts

සුනිල්ගේ ශ්‍රේෂ්ඨයා හී සමනළයා සහ මීමැස්සා

Fly like a butterfly
Sting like a bee

මේ ඉංග්‍රිසි වචන ටික මා දැනගන්නේ “සමනළයෙකු සේ පාවී පළයං මී මැස්සෙක් සේ රිදෙන්න ඇනපං”පරිවර්ථනයේ ඉංග්‍රිසි සටහන හැටියටය.සැබවින්ම එය මොහොමඩ් අලි හා සබැඳි ජීවිත අන්දරයට අදාළ ලියැවි ගීතයක්ය.ඒ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයා දක්ෂ ක්‍රීඩකයෙක් පමණක් නොව විශිෂ්ඨ මනුස්සෙකුද බව දැන ගත්තේ “සමනළයෙකු සේ පාවී පළයං මී මැස්සෙකු සේ රිදෙන්න ඇනපං” යන්නෙන් සටහන් වූ සිංහලෙන් පළ වූ ඔහුගේ ජීවිත අන්දරයෙන්ය.සුනිල් මාධව ප්‍රේමතිලක මුල් ව ඔහුගේ කණිටු සහෝදරයා සඳුන් ප්‍රේමතිලක ද සමඟ එක්ව ලේක්හවුස් ආයතනයෙන් පළ කළ ක්‍රීඩා පුවත්පතට ලියු මොහොමඩ් අලිගේ එම කතාව අදවන විට ශ්‍රේෂ්ඨයා නමින් කෘතියක් ලෙස ද ජනගතව ඇත.

සටහන අරම්භයේ ඇති ඉංග්‍රිසි ගීතයේ වචන මා සමනළයෙකු සේ පාවී පළයං කියවන විට දැන සිටියේ නැත.එහෙත් ඒ සිංහල වචන එක්තරා තාලයකට මඟේ කටේ ඇලී තිබිණ.එම කතාව කියවන මුල් අවධියේම ගැටවරයෙක් වූ මං නිවසේ ඒ මේ අත තාලයට පනිමින් ගමන් කරේ සමනළ වචන තාලයකට ගයමින්ය.එය මගේ මෙලඩියකට කියූ ගීතයක් ලෙස රස විඳින්නට අපහසු, මා බෙහෙවින් තෘප්තියට පත් වූ හදින් ගැයූවක්ය.

වරක් ජ්‍යෙෂ්ඨ ඉංග්‍රිසි මාධ්‍යවේදියෙක් වූ ජෑන්ස් නම් තාත්තාගේ මිත්‍රයා අපේ නිවසේ සිටින මොහොතක මම පුරුද් තාලය අල්ලමනි ගෙයි ඒ මේ අත පැන දුවමින් සිටියේදී සනා ඕකේ ඔරිජිනල් එක අහලා තියෙනවදැයි ඇසුවේය.මම දෙපසට හිස වැනුවේය.කතා කරන්න දීලා තියෙන්නෙ කට යැයි මතක් කළ ඔහු නැවත පෙරළා මුලින් ඇසූ ප්‍රශ්නයම මගෙන් ඇසුවේය.

මම නැති බව කීවෙමි.

ඔහු එය ගයා පෙන්වීය.ඒ ගැයුමත් මගේ තරමට මිහිරි නිසා දිගට අසන්නට උවමනා නොවිය.අද මෙන් අන්තර්ජාලයට පිවිස හොයා බලන්නට ඉඩ ඇහුරුණු මොහොතක ඔහු කියා පෙන් වූ ගීතය එදා මා අසා දශක තුනකට වැඩිය.එහෙත් එය මා සැබවින් ගයනු අසා දැන් දශක එක හමාරක් පමණ වන්නට ඇත.ඒ පරිගණකය හසුරුවා එවැන්නක් ඇසිය හැකි බව දැනගත් පසුවය.නමුත් නිතර විදේශ ගතවීමේ හැකියාවක් ඇති, කළු වුවත් බර්ගර් සම්බන්ධයක් තිබූ ජෑන්ස් අංකල් එය අසා තිබීමට වඩා මා පුදුම වූයේ මේ ගීතයෙන් නොනැවතී සුනිල් – සඳුන් දෙපළ අලීගේ සමස්ත ජීවිතයම අපේ හදවත්වල ඉඩගෙන තැන්පත් කරන්නට ඔවුන් කෙතරම් දැණුමකින් සිටිනවාද යන්නය.ඒනිසාම ඒ රහ ලිවිල්ලට මා පෙර සිටම පෙම් බැන්දේය.

කෙසේ හෝ අලීගේ ජීවිතය මා අතට පත්වන විටත් මා ඔහු දක්ෂයෙක් බව දැන සිටියේය.අති දක්ෂයෙක් බව ද අසා තිබිණ.නමුත් ඔහු කුමනාකාරයේ දක්ෂයෙක්දැයි දැන ගන්නේ ක්‍රීඩා පත්තරයේ පිටු අතරින්ය.වියට්නාමයට එරෙහිව යුද වැදීම ප්‍රතික්ෂේප කරමින් සිරබත් කෑ ආදරණිය මනුස්සයා ඔහු විය.වර්ණ බේදයෙන් බැට කෑ ඇමෙරිකාවේ පහත් සැළකීම්වලට එරෙහිව ඔහු ඇමෙරිකාව වෙනුවෙන් දිනා ගත් රන් පදක්කම ඔහියෝ ඟඟට අත හැරීම අලිට ඇති ආදරය උතුරා යන මට්ටමට ළඟා කළේය.ඔහු මාෂියානෝ,ප්‍රෙෂර්,ෆෝර්මන් වැනි දැවන්ත සිරුරු කපා හෙළු ගස් මෙන් බිම පතිත කළ අයුරු තරමටම අලි යනු ඉතා බර පහරවල්වලින් අපේ හදවත මත ඇති කරපු ප්‍රේමණීය හැඟීම ද සුළුපටු නැත.

මේ සියල්ල අතර හිතේ අලි සටන් කරන රිද්මය සහ ශෛලීය හිතේ අපූරුවට ඇන්දේ සමනළයෙකු සේ පා වි පළයං මීමැස්සෙකු සේ රිදෙන්න ඇනපං යන පද පේළිය ය.

වරක් මේ වචනවල හිමිකරු වූ සුනිල් අයියාගේ නිවසේ අපි භාග්‍යවන්ත තත්ත්වයට පත්ව එය බෝධිසත්ව මටිටමට රැගෙන යාමට කොස්වත්ත හන්දියේ ත්‍රීරෝද රියැදුරෙක් අවශ්‍යය කළමණා රැගෙන එන තෙක් මඟ බලමින් සිටින අතරතුර මම මේ සමනළයා සහ මී මැස්සාගේ ගීතය ගැන ඔහුගෙන් ඇසුවෙමි.

එහෙම ගීතය පරිවර්ථනය කරන එක නෙමෙයි බං වැඩේ.අලිව හරියට අපේ පොළවට දනවන එක.
සුනිල් අයියා නිවැරදිය.ඒ ගීතය පරිවර්ථනය කර සිංහල වචන ඇති ගීතයක් කළේනම් මොහොමඩ් අලි සම්බන්ධයෙන් ඔහුගේ තරග ජීවිතයේ ස්වභාවය සහ රිද්මය සළකා නිර්මාණය වූ ගීතයක් බවට පත්වීමෙන් නැවතෙනවා ඇත.ඒත් එය අලි නොදත් සමාජයකට ගීතයක් පමණක්ව රැඳෙනු ඇත.නමුත් අලි සාමාන්‍ය ක්‍රීඩකයෙක් නොවන අපූරු දක්ෂතා ඇති පීඩිත සමාජය නියෝජනය කළ සහ එය වරප්‍රසාද පතමින් අමතක නොකළ සහ සුපිරි පංතියේ උවමනාවන්ගේ අත කොළුවක් නොවි ඔහු සතු උසස් මානවීය ගුණාංග වෙනස් නොකර සිරබත් වුව කන්නට ඉදිරිපත් වූ වීරයෙක් වෙන්නේ සුනිලුන් කළ පරිවර්ථනයෙන්ය.

ඇයි නිකං මේකට පළයං ඇනපං වගෙ දැම්මෙ නිකං ඒකෙ ගීතවත් බව අඩු වෙනවා වගෙ නැද්ද?
මගේ ඒ ප්‍රශ්නයනම් ටිකක් මෝඩ තාලේ එකක් වන්නට ඇති බව දැනෙන්නට ගත්තේ ඔහුගේ පළමු උත්තරයෙන්ය.

ඔන්න මලේ ඔය නාමල නෙළාගෙන එන්න කියන්නෙ නැහැනෙ බං.

ඔහු ජන කවියාගේ සහාද බසම මුලට ගෙන කතාව පටන් ගත්තේය.ඉන් අනතුරුව ඔහු මගේ ප්‍රශ්නයෙන් වින්දනයක් ලබන බව ද එයින් පරිවර්ථනයේදි කෙනෙක් සැළකිල්ල යොමු කළ යුතු මහා කරුණු ප්‍රමානයක් අනාවරණය කරන බව ද මට දැණින.

බොක්සිං කියන්නෙම ගහන්න පොළඹවන ආවේගයක් සහිත කෑ ගැසීම් තියෙන ක්‍රීඩාවක්.ඒකට තියෙන්න ඕනි එතකොට මට සිළුටු ආමන්ත්‍රණ නෙමෙයි.අලි තරගවලට ඉස්සෙල්ලා කොහොමත් කටින් ප්‍රතිවාදියාව කුඩු කරන කෙනෙක්.අලිගේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙත් ඔහුගෙන් ඒ රිද්මයමයි.පළයං අනපං කිව්වම තමයි අපිට අලීව දැනෙන්නෙ.

සුනිල් අයියා හොඳටම දන්න කෙනෙක්ට මේ වචන මීට වඩා වෙනස් කර ඔහුට අනන්‍ය බසින් පරිවර්ථනය කරගෙන විඳින්නට පුළුවන්ය.මෙහි ඇත්තේ පළයං යන්න එන්න සේ වෙනස් කර අර්ථය විනාශ නොකර පරිසරය වෙනස් කර ලිවීමක් බඳු දෙයක්ය.

අලීගේ දැවන්ත බව ඇත්තේ පහරවලම පමණක් නොවන බව ඔහු එම කෘතියේදී අවධාරණය කරන්නේය.මාටින් ලූතර් කිං වගේම මහා දාර්ශනිකයන් හා ඔහුට තිබූ ඇසුර සහ එයින් පෝෂණය වන සමාජමය දැක්ම ඔස්සේ නිර්භයව වැඩ කරන කතා කරන අලි අපිට අපේ පොළවේ වීරයෙක් ලෙස හෝ අපේ පොළවට අවශ්‍යය වීරයෙක් ලෙස දැනෙන්නේය.ඔහු කෘතිය අවසාන වන විට අපේ ය.

ඒ සඳහා වන සිදූවීම් සිංහලට ගෙන එන්නේ සෘජු වචන පරිවර්ථනයකින් නොවන්නේය.සුනිල් අයියා ක්‍රීඩාවේ අනන්‍යතාවය හැඳිණ එය කර ඇත.අලීව දේශපාලනිකව හොඳින් අවබෝධ කරගෙන ඇත.

ක්‍රීඩාවට සහ අලීගේ ජීවන දර්ශනයේ ඇති උත්තම ගුණාංග ඉතා ඉහළ තැනකින් සමාජ පරමාදර්ශයක් කිරීමේ අවශ්‍යයතාවයට ඔබින සිංහල මිස,අදහස කීමේ අවශ්‍යයතාවය වෙනුවෙන් ඔහු බස මෙහෙයවා නැත.ඔහුගේ අරමුණ වී තිබුණේ අලි කියැවිමට උචිත බසක් සකසා ගැනීමය.

සුනිල් මාධවයන් නික්ම යන මොහොතේදී ද සිංහල ක්‍රීඩා සාහිත්‍ය කෘතියක් ඔහුගේ ශ්‍රේෂ්ඨයා ඉක්මවා යන පරිද්දෙන් නිර්මාණය වි ඇති බවක් පෙනෙන්නට නැත.අද ඔබ එය නැවත කියවන්න.ක්‍රීඩාව සහ සාහිත්‍යමය රසය නොඅඩුව ඒ බසේ අතුරා ඇති බව ඔබට දැනෙනවා ඇත.සමහර තැනෙක රළු බව එහි ලයාන්විත බවේ අනන්‍යතාවය වන්නේය.විෂය හඳුනාගෙන බස හැසිරවීමම ඉහළ සාහිත්‍යයක් බව ශ්‍රේෂ්ඨයා කියවන විට ඔබට දැනෙනු ඇත.සුනිලුන්ගේ හඬනු මැන නිදහස,කැරොලිනාගේ දිනපොත,වැනි ඕනෑම කෘතියක් පෙරළද්දී දැනෙන්නේ හෙල බස යන්න නොව,එය හද බස බවය.ස්ටිව් බිකෝලා අලිලා අපේ සාමාන්‍යයෙන් දැන සිටියාට වඩා විශාල ප්‍රමානයකින් අපේ හදවත අත්පත් කරගත් බව දැනෙන්නේ ඒ හදවතට බුද්ධියට දැනෙන තරමින් ආමන්ත්‍රණය කරන්නට තිබුණු සුනිල්ගේ හැකියාව නිසාය.

ලංකාවේ ක්‍රීඩා සාහිත්‍යයට ඔහු තිළිණ කළ ශ්‍රේෂ්ඨයා ක්‍රීඩා සාහිත්‍යය තුළ හැසිරෙන හැටි ඉගෙන ගන්නට අත් පොතකි.එය ඔහුට ගෞරවයක් ලෙස කියවිය යුතුය.

ඔහු සැමට සුනිල් අයියා විය.ඔහු පුංචි මිනිසෙක් වූ යේ පෙණුමටය.එහෙත් දහස් ගනණක් ඔහුගේ චරිතය වටා සැඟව සිටියේය.ඒ නමින් මනුස්සයෝ වූ පිරිසක් ද මේ පොළවේ ඇත.සමහර විට ඔහු ඔවුන්ට රැවටුණේය.ඔහු කැරොලිනාගේ දිනපොතේ තැනෙක මෙසේ බස හසුරුවන්නේය.

එයා හොද මිනිහෙක් කියලා මම ලිව්වොත්, එයා ගැන දන්න කෙනෙක් ඒක කියෙව්වොත් මම ඊට පසුව ලියන කිසිම දෙයක් විශ්වාස කරන එකක් නැහැ.

සුනිල් අතින් යම් තැනෙක එවැනි වැරදි ද වුණේය.ඒවා අත හරින හැටි ද එතැනට පත්වන තැන් ද සුනිල් මාධව චරිතය සහ ඔහුගේ මානවීය බස ආදර්ශයට ගනිද්දි අත් නොහැරිය යුතුමය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan