බහරේන් යොවුන් ක්‍රීඩා උළෙලට හැඩ ආරම්භයක්

නිශ්මං රණසිංහ  ඔක්තෝබර් 23,  කොළඹ LNW:


බහරේනයේ පැවත්වෙන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ සමාරම්භය ඊයේ මහත් උත්කර්ශවත් අන්දමින් පැවත්වුණා.බහරේන් අගනුවර වන මැනාමා ආසන්නයේ පිහිටි ඉසා හී තරගාවලිය වෙනුවෙන් ස්ථාපිත ක්‍රීඩා නගරයේ පැවති මෙම සමාරම්භය බහරේන් සංස්කෘතික අනන්‍යතාවය පිළිඹිඹු කරන අන්දමෙන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතුව සකස් වී තිබුණා.


එම සංස්කෘතිකාංග මෙන්ම ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම එයට එක් වූ අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් ද මෙහි දැක්වෙන අතර ඊයේ රාත්‍රියේ සමාරම්භයට වෙන් වූ කොටසට එපිටින් පැවති බාලක කබඩි තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉරානය වෙතින් දැවන්ත පරාජයක් ලැබුවා.එහිදී ලකුණු සටහන දැක්වුණේ 92 – 23 ක් ලෙසයි.


අද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වෙරළ වොලිබෝල්,බොක්සිං,ගොල්ෆ් සහ බලාපොරොත්තු වැඩි වශයෙන් තබා තිබෙන මලල ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග බිමට පිවිසෙන්නට සූදානමින් නියමිතව සිටිනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රංශයේ ශිෂ්‍ය විරෝධතා උණුසුම් වෙයි: පාසල් සිය ගණනක් වසා දැමේ, 2,000කට ආසන්න පිරිසක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: ප්‍රංශය පුරා...

තෙල් වෙළඳපොල අපේ අතේ විතරක් තිබුණා නම් මීට වඩා සහන දෙන්න තිබුණා. නමුත් දැන් අපිට ඒක කරන්න බැහැ – ජනපති

ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොලෙන් යම් පංගුවක් පෞද්ගලික අංශයට නොදී...

තෙල් මිල වැඩි වෙන්නේ අපේ ආණ්ඩුවේ දූෂණ චංචා නිසා නෙවෙයි – මන්ත්‍රී චන්දන

වත්මන් ආණ්ඩුව එක පැයක්වත් රට තුළ ඉන්ධන නොමැති වීමට...