*
Friday, September 20, 2024
spot_img

Latest Posts

යුක්‍රේන අර්බුධය දකුණු අප්‍රිකාවේ සෑම ගමකටම සහ නගරයකටම දැනෙනු ඇත

යුක්රේන අර්බුධය බොහෝ අප්‍රිකානු රාජ්‍යයන්නට දැඩි ආර්ථික බලපෑමක් ඇති කරමින් පවති. අප්‍රිකානු මහාද්වීපයේ වඩාත්ම කාර්මික ආර්ථිකය ඇති දකුණු අප්‍රිකාව මෙම ආරවුල සාමකාමීව විසඳිය යුතු බව පවසමින් යුක්රේනයෙන් රුසියානු හමුදා වහාම ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා තිබේ.දකුණු අප්‍රිකාවේ ස්ථාවරය රුසියාවට පහරක් වූවත් රැසියාව  අප්‍රිකාවේ ප්‍රධාන මිතුරෙකු ලෙස සලකයි. ලෝකයේ නැඟී එන ආර්ථිකයන්ගෙන් සැදුම් ලත් කණ්ඩායමක් වන බ්‍රික්ස්හි සාමාජිකයන් වන දෙරට අතර ශක්තිමත් ආර්ථික සබඳතා ඇත.දකුණු අප්‍රිකාව තුල රුසියානු ආයෝජන, දකුණු අප්‍රිකානු රැන්ඩ් බිලියන 80කට ආසන්නව ඇති අතර (ඩොලර් බිලියන 5; පවුම් බිලියන 3.7),  රුසියාව තුල දකුණු අප්‍රිකානු  ආයෝජන රැන්ඩ් බිලියන 23ක් පමණක් වේ.නැගෙනහිර අප්‍රිකාවේ ආර්ථික බලවතා වන කෙන්යාවයි.

ඔවුන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ ස්ථීර නොවන සාමාජිකයෙකු වේ. කෙන්යාව විසින් මෙම යුක්‍රේන අර්බුධය තුල  රුසියාව හෙළා දැක ඇත.එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ කෙන්යාවේ තානාපති මාර්ටින් කිමානි සඳහන් කරන්නට වූයේ “යුක්රේනයේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය කඩ වී ඇත. බලවතුන්ගේ නිර්දය ප්‍රහාරය යටතේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය දිගටම මැලවී යන බවටයි.කෙන්යාවට විදේශ මුදල් උපයා ගැනීමට උදව් කරන රුසියාව එහි තේවල ඉහළම පාරිභෝගිකයින් පස් දෙනා අතර වේ.



එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනෙකුත් අප්‍රිකානු රාජ්‍යයන් දෙක වන ඝානාව සහ ගැබොන් ද රුසියාව හෙළා දැක ඇත.කැරලිවලට එරෙහිව සටන් කිරීමට රුසියානු හමුදාව විසින් සහාය හිමිවන මාලි සහ මධ්‍යම අප්‍රිකානු ජනරජය පවා යුක්‍රේනයේ රුසියානු මැදිහත්වීමට සහාය පල කර නැත.එහෙත් සුඩානයේ  හමුදාපති ජෙනරාල් මොහොමඩ් හම්දාන් හෙවත් “හෙමෙටි”  යුක්රේනයේ යුද්ධය ආරම්භ වූ මොහොතේම රැසියාවේ මොස්කව් වෙත පැමිණ තිබේ. ඔහු ඒකාධිපතිවාදය විශ්වාස කරන්නෙකි.මේ වන විට ලෝක වෙළඳපොලේ තෙල් මිල දැනටමත් 2014 සිට වාර්තා වූ ඉහළම මට්ටමට පැමිණී ඇති අතර, බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා ඇත.නයිජීරියාව සහ ඇන්ගෝලාව වැනි තෙල් නිපදවන රටවල ආර්ථික අයවැය ඉහළ යැවිය හැකි නමුත් මහාද්වීපය පුරා සිටින මිනිසුන් සඳහා ප්‍රවාහන පිරිවැය ඉහළ යාම පාලනය කිරීම පහසු නැත.මෙය අනෙකුත් සියලුම නිෂ්පාදනවල පාහේ දැඩිව බලපෑම් ඇති කරනු ඇත.දකුණු අප්‍රිකාවේ ජනප්‍රිය Daily Maverick ප්‍රවෘත්ති වෙබ් අඩවියේ ලිපියක සඳහන් කර ඇති පරිදි, ඈත යුරෝපයේ යුද්ධය “දකුණු අප්‍රිකාවේ සෑම ගමකටම සහ නගරයකටම දැනෙනු ඇත”.

රුසියාව සහ යුක්රේනය ලෝකයේ තිරිඟු වලින් 30% ක් පමණ සපයන බැවින් අප්‍රිකාව මුහුණ දෙන විශාලතම අනතුර පාන් පිටි ආශ්‍රිත ආහාරවල මිල ඉහළ යාමයි.තිරිඟු පිටි මත දැඩි ලෙස රඳා පවතින ඊජිප්තුව, ටියුනීසියාව, මොරොක්කෝව, ලිබියාව සහ ඇල්ජීරියාව මෙහිදි දැඩි බලපෑමට ලක් වේ.යුක්රේනය අප්‍රිකානු සිසුන් සඳහා ප්‍රධාන ගමනාන්තයක් වන අතර දහස් ගණනක් එහි විශ්ව විද්‍යාලවල විශේෂයෙන් වෛද්‍ය විද්‍යාව ඉගෙනුම ලබයි. අනෙකුත් බොහෝ අප්‍රිකානුවන් ද යුක්රේනයේ ජීවත් වන අතර කාර්මික වැඩවල නිරත වේ.යුක්රේනයේ වැඩිපුරම සිසුන් සිටින අප්‍රිකානු රටවල් වන්නේ මොරොක්කෝව (8,000), නයිජීරියාව (4,000) සහ ඊජිප්තුව (3,500) වයි. 2020 දී යුක්‍රේනයේ ඉගෙනුම ලබන සියලුම විදේශීය සිසුන්ගෙන් 20% ක් පමණ අප්‍රිකානු කලාපයේ වේ. 

OUTBOUNDTODAY SAHAN HEWAGAMAGE

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan