ලොවම බලශක්ති අර්බුදයක ගිලී සිටියදී පැය 19 ක් විදුලිය දෙන එකම මදිද ?

Date:

ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දී සිටින බලශක්ති අර්බුදය දිනෙන් දිනම උග්‍ර තත්වයට පත්වෙමින් තිබෙනවා. ඊයේ වනවිට පැය 04 ක් පුරා ක්‍රියාත්මක වූ විදුලි කප්පාදුව අද වනවිට පැය 05 ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

හෙට අනිද්දා වනවිට ඇතැම් විට දිනකට පැය හතක් අටක් විදුලිය නොමැතිව සිටීමට ජනතාවට සිදුවනු ඇත.

කලාපයේ ඇතැම් රටවලට සාපේක්ෂව ජනතාවට විදුලිය ලබාදීම අතින් මෙරට රජය තවමත් සිටින්නේ බොහෝ ඉදිරියෙනි. දකුණු ආසියානු රටක් වන නේපාලයේ දිනකට විදුලි සැපයුම ලබා දෙන්නේ පැය 08 ක කාලයක් පමණි. ඒ අතින් බලන විට ශ්‍රී ලාංකික ජනතාව නේපාල ජනතාව මෙන් දෙගුණයක් වාසනාවන්ත වී තිබේ.

අනෙක් පැත්තෙන් සමස්ත ලෝකයම දැවැන්ත බලශක්ති අර්බුදයකට මුහුණ දී සිටී. රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හරහා ලෝක බලශක්ති අර්බුදය දිනෙන් දිනම තීව්‍ර වෙමින් පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වනවිට ජගත් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් ඇති අතර එය තවදුරටත් ඉහළ යනු ඇති බවට අනාවැකි පළ වී තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙස යුක්රේනය පමණක් නොව සමස්ත යුරෝපයම අඳුරේ තැබෙන දවස වැඩි ඈතක නොවේ.

එනයින් බලන කල දෛනිකව පැය 19 ක් පුරා විදුලි සැපයුම භුක්ති විඳීමට ශ්‍රී ලාංකිකයන්ට හැකිවීම කෙතරම් වාසනාවක්ද ?

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...