බයවෙන්න එපා දවස් කීපෙකට ඉන්ධන තියනවා – තෙල් සංස්ථාවෙන් නිවේදනයක්

0
384

ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග සංස්ථාව සතුව තිබෙන බැවින් ඉන්ධන ලබා ගැනීමට අනවශ්‍ය ලෙස කලබල නොවන ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉන්ධන නොමැති වේයැයි අනවශය බියක් ඇතිකර ගැනීමටද අවශ්‍ය නොවන බවයි එම සංස්ථාව සඳහන් කරන්නේ.

මෙරටට පැමිණි පෙට්‍රල් හා ඩීසල් නෞකා දෙකක ඉන්ධන ගොඩබෑම් කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර එම නෞකා දෙකේ අඩංගු ඉන්ධන දින කිහිපයකට ප්‍රමාණවත් වන බවද සංස්ථාව පවසනවා.

ඩීසල් රැගත් නෞකාවක් හා පෙට්‍රල් රැගත් නෞකාවක් කොළඹ වරාය ආසන්නයට මීට දින කිහිපයකට පෙර පැමිණි නමුත් ඩොලර් අර්බුදය හේතුවෙන් අදාල ඉන්ධන ගොඩබෑම ප්‍රමාද වී තිබිණි. කෙසේ නමුත් මේ වනවිට මෙම නෞකා සඳහා මුදල් ගෙවා ඇති අතර ඒ අනුව ඉන්ධන ගොඩබෑම ආරම්භ කර තිබේ. මෙම නෞකාවල ඩීසල් මෙට්‍රික් ටොන් 41,000 ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 ක් අඩංගු වේ.

තවත් ඉන්ධන නෞකා දෙකක් ඉදිරි දින කිහිපය තුළ මෙරටට ලඟාවීමට නියමිත බවද ඛනිජ තෙල් සංස්ථාව පවසනවා.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here