NO TO WAR -යුක්රේන ආක්‍රමණයට එරෙහිව දහස් ගණන් රුසියානුවෝ වීදි බසිති !

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් ලොවපුරා රටවලින් සහ ජාත්‍යන්තර සංවිධානවලින් එල්ල වන විරෝධයට මුහුණදීමට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට සිදුව තිබෙනවා.

එසේ තිබියදී රුසියානුවන්ගේ විරෝධයටද මුහුණදීමට පුටින්ට සිදුව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වනවිට දහස් ගණන් රුසියානුවන් වීදිබැස විරෝධය දක්වමින් පුටින්ගෙන් ඉල්ලා සිටින්නේ වහාම යුක්රේන ආක්‍රමණය අත්හිටුවා රුසියානු හමුදා නැවත කැඳවන ලෙසයි. මෙම විරෝධතා සඳහා දහස් ගණන් රුසියානුවන් එක්ව සිටින අතර ‘No To War’ යනුවෙන් සඳහන් බැනර් ප්‍රදර්ශනය කරමින් ඔවුන් සිය විරෝධය දක්වනවා.

මෙම විරෝධතා සඳහා මේ වනවිට සමාජ ජාලා මාධ්‍ය හරහා සහ අන්තර්ජාලය හරහා දැඩි ප්‍රසිද්ධියක් ලැබී තිබේ.

යුක්රේන ආක්‍රමණයට එරෙහිව සිදුවන විරෝධතා සඳහා එක්ව සිටින්නන් බහුතරයක් තරුණ තරුණියන් වීමද විශේෂත්වයකි. දැල්වූ ඉටිපන්දම් සහ බැනර් අතැතිව ශාන්ත පීටර්ස්බර්ග් නුවර ප්‍රධාන වීදියේ විරෝධතාවයේ නිරත තරුණයෙක් කෑගසා ප්‍රකාශ කළේ යුක්රේන ආක්‍රමණය පිළිකුල් සහගත බවයි. ඊට වඩා යමක් ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු පවසා තිබෙනවා. එක් තරුණියක් පවසන්නේ බලරහිත බවක් හා දැඩි වේදනාවක් දැනෙන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...

අනෝජන්ගේ දෙමාපියන් විපක්ෂ නායක හමුවෙයි!

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු...