ඕනෑම පරීක්ෂණයකට සූදානම් – හරීන් ප්‍රනාන්දු

Date:

පාර්ලිමේන්තුවේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයකට තමන් සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

සැකකටයුතු පාර්සලයක් පාර්ලිමේන්තුවට රැගෙන ඒම සම්බන්ධයෙන් සහ ඊට විරෝධය පළ කළ පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට හරීන් ප්‍රනාන්දු මහතාට ඊයේ පාර්ලිමේන්තුවේදී චෝදනාවක් එල්ල විය.

අද පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භයේදී කතානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ අදාල සිදුවීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන්නැයි පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති බවයි.

කතානායකවරයාගේ අවසරය මත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ තමන් පාර්ලිමේන්තුවට රැගෙන ආවේ සිය බෑගය සහ විදුලි පන්දමක් පමණක් බවයි. තමාගේ බෑගය පරීක්ෂා කිරීමේ යන්ත්‍රය මගින් පරීක්ෂා කළ බවත්, භයානක කිසිවක් එහි නොතිබූ බව ඉන් තහවුරු වූ බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

තමා කිසිදු ආකාරයකින් පොලිස් නිළධාරීන්ගේ රාකාරියට බාධා සිදු නොකළ බව පෙන්වා දෙන හරීන් ප්‍රනාන්දු මහතා පවසන්නේ ඒ සම්බන්ධයෙන් පැවැත්වෙන ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමා සූදානම් බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙතෙක් ලංකාවේ නැව්වලට කැසිනෝ බලපත්‍ර දුන්නේ නෑ. අලුත් පනතින් නැව්වලටත් කැසිනෝ බලපත්‍ර ඉල්ලීමේ අවස්ථාව !

අලුතින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සූදු නියාමන පනත යටතේ...

ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගන් ජාතිකයන් ගමන් ගත් බස් රථයක් අනතුරට ලක් වීමෙන් 71දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයෙන් පිටුවහල් කරන...

මදුරාවතී නම් තරු රටාව – භාෂාව මිටින් ගෙන හොම්බට අනින කවි

සාදය සූදානම් කරපු චන්දරේට යන්නම් කියපු ලූලා ඇලෙන් පැනලා...