රෝගී මරණ කිහිපයක් හේතුවෙන් කුරුණෑගල රෝහලේ රුධිර කාන්දුකරණ ඒකකය වසාදැමේ !

Date:

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගීන් සඳහා ප්‍රතිකාර කෙරෙන රුධිර කාන්දු කරණ ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දමා තිබේ.

ඒ, පසුගිය මාසයක පමණ කාලයක් තුළ එම ඒකකයෙන් ප්‍රතිකාර ලබාගත් වකුගඩු රෝගීන් පස්දෙනෙකු පමණ මියයාම සැලකිල්ලට ගනිමිනි.

යම් විෂබීජ ආසාදනයක් හෝ රුධිර කාන්දුකරණය සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය හෝ උපකරණවල ගැටලුවක් මීට හේතුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් රෝහල් මට්ටමින් පරීක්ෂණයක් සිදු කළ ද එයින් නිශ්චිත හේතුවක් අනාවරණ කරගැනීමට නොහැකි වී තිබේ.

ඒ අනුව පෙබරවාරි 23 වනදා සිට මෙම ඒකකය තාවකාලිකව වසා දමා ඇති අතර එය යථා තත්වයට පත් කරන තුරු ඊට පැමිණෙන රෝගීන් වෙනත් රෝහල් කරා යොමුකිරීමට පියවර ගෙන ඇත.

මෙම තත්වය පිළිබඳ සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පස්දෙනෙකුගෙන් සමන්විත විද්වත් කමිටුවක් ද පත්කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් පාලිත මහීපාල මහතා නිවේදනය කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...