2024 දකුණු කැරොලිනා ප්‍රාථමික මැතිවරණයේ ජය ට්‍රම්ප්ට

Date:

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 25,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දකුණු කැරොලිනා රිපබ්ලිකන් ප්‍රාථමික තරගයෙන් හිටපු ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 59%ක ප්‍රතිශතයක් ලබා එක්සත් ජාතීන්ගේ හිටපු තානාපති හා දකුණු කැරොලිනා ආණ්ඩුකාරවරිය නිකී හෙලී පරාජයට පත්කර ඇති බව වාර්තා වේ. නිකී හෙලි ලබාගෙන ඇත්තේ 39%ක ප්‍රතිශතයකි.

2024 එක්සත් ජනපද ජනාධිපතිවරනයේදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීම හා රිපබ්ලිකන් ජාතික සම්මුතියට නියෝජිතයින් තෝරා ගැනීම සඳහා ජනාධිපති ප්‍රාථමික සහ බල මණ්ඩල පවත්වනු ලැබේ.

මෙවර 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් ජිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් ජාතීන්ගේ හිටපු තානාපති නිකී හෙලී, ෆ්ලොරිඩා ආණ්ඩුකාර රොන් ඩිසැන්ටිස් මෙන්ම විවේක් රාමස්වාමි යන අය ඉදිරියෙන්ම සිටියි.

ලබන 27වන දා මිචිගන්හි ජන්දය පැවැත්වීමට නියමිත වන අතර නිකී හෙලි සිය ප්‍රචාරණයේදී සඳහන් කර තිබුණේ, තමා මිචිගන්හි හමුවන බවත්, සිය සටන ඇත නොහරින බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට සිසුන් 30කට පශ්චාද් උපාධි සහ ආචාර්ය උපාධි සඳහා චීන රජයෙන් පූර්ණ ශිෂ්‍යත්ව!

රෂිකා හෙන්නායක අගෝස්තු 15, කොළඹ LNW: චීන රජය මඟින්, 2025/2026...

මීටර් 6 සිට 6.29 ට වසර 40 ක්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: එවකට සෝවියට් රුසියාව නියෝජනය කළ...

මනුස්සයෙකුට හොඳ ප්‍රමිතියෙන් යුතුව බත් ටිකක් කන්න ලැබිය යුතුයි කියන එක මූලික මිනිස් අයිතිවාසිකමක් – ඩඩ්ලි සිරිසේන

ඕනෑම පුද්ගලයකුට තමන් ගන්නා ආහාරය ඉහළ ප්‍රමිතියකින් යුතුව ලබාගැනීමට...

අවසානය වැස්සෙන් සේදුණු විස්සයි විස්සේ දස්කම්

නිශ්මං රණසිංහ අගෝස්තු 15, කොළඹ LNW: ග්‍රීන්,බ්ලූ සහ ග්‍රේ ලෙස කණ්ඩායම්...