ඩොලර් බිලියන 500ක් වටිනා ගිවිසුමක් අත්සන් කිරීමට සෙලෙන්ස්කි ධවල මන්දිරයට එන බව ට්‍රම්ප් කියයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : යුක්රේනයේ දුර්ලභ පස් ලෝහ සහ යුක්රේන තෙල් සහ ගෑස් සම්පත් ඇතුළු ඩොලර් බිලියන 500ක් වටිනා ගිවිසුමක් අත්සන් කිරීම වෙනුවෙන් යුක්රේන ජනාධිපති ව්ලදිමියර් සෙලෙන්ස්කි සිකුරාදා(28)වන දින ධවල මන්දිරයට පැමිණෙනු ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකශ කර තිබේ.

මේ ගිවිසුම වෙනුවෙන් එක්සත් ජනපදය යුක්රේනයට ඩොලර් බිලියන 350ක් ආධාර සහ මිලිටරි උපකරණ සහ සටන් කිරීමට ඇති අයිතිය තහවුරු කරනු ඇත.

රුසියාව විසින් 2022 වසරේ යුක්රේනයට එරෙහිව පුර්ණ පරිමාණ යුද්ධයක් දියත් කිරීමත් සමඟ යුක්රේනයේ විශාලතම ආධාර සැපයුම්කරු වූ ඇමරිකා එක්සත් ජනපදය ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වීමත් සමඟ සියලුම වියදම් කපා හරින ලදී. මෙත් සමග ට්‍රම්ප් සඳහන් කර තිබුණේ, යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා සමඟ සාකච්ජා කිරීමට තමන් අපේක්ෂා කරන බවත් ඒ වෙනුවෙන් ඇමරිකාව යුක්රේනය සමඟ මහා පරිමාණ ඛනිජ ගිවිසුමකට යනු ඇති බවයි.

මේ ගිවිසුම වෙනුවෙන් යුක්රේන ජනාධිපතිවරයා සිය විරෝධය දැක්වීමත් සමඟ පසුගිය දින කිහිපය පුරාම ඩොනල්ඩ් ට්‍රම්ප් සෙලෙන්ස්කි විවේචනය කරනු ලැබූ අතර ඔහු මැතිවරණයක් නොපවත්වන ඒකාධිපතියකු වශයෙන් සඳහන් කර තිබිණ. මෙත් සමඟ ඇමරිකාව හා යුක්රේනය අතර ආතතීන් උත්සන්නවූ අතර මේ සඳහා ප්‍රංශ ජනාධිපති හා බ්‍රිතාන්‍ය අගමැති ඇතුළු ලෝක නායකයන්ද මැදිහත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

6 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්න – දෙමව්පියන් නිහඩ විරෝධයක් අරඹයි!

කොළඹ LNW:තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක...

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...