බදු අඩුකරන කතාවක් අපි කිව්වේ නෑ. ඒක සමාජ මාධ්‍ය කළ වැරදි අර්ථදැක්වීමක් – මුදල් නි. ඇමති

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර අයවැය පිළිබඳව රුපියල් ශතවලින් ඔබ්බට ගොස් දැකීමට පුරුදු වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත පවසයි.

“මම විශේෂයෙන්ම යෝජනා කරනවා විපක්ෂයට මේ අයවැය ඇතුළේ තියෙන සංඛ්‍යාලේඛනවලින් එහාට දකින්න. සියලු දේ සංඛ්‍යාලේඛනවලින් මනින්න බෑ. අපි සමහර වෙලාවට හුරු පුරුදු වෙලා ඉන්නවා පරිසරය, සමාජය දකින්න – ඉතිහාසයේ තිබුණා ගස්කොළන් වට අඩි ප්‍රමාණයෙන් දකින හැටි, පරිසරයේ තියෙන ගල් කඩලා කියුබ්වලට පරිවර්තනය කරලා රුපියල් ශතවලට පරිවර්තනය කරගෙන මිනිස්සු දැක්කේ. ඒ නිසා මේ අයවැය ඇතුළෙත් රුපියල් ශතවලින් එහාට ගිහිල්ලා දකින්න පුරුදු වෙන්න. මොකද හේතුව, මේක ඇතුළෙ ජීවිතය තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම චෝදනාවක් ආවා මේ අයවැය ඇතුළේ අපි ආදායම් එකතු කරගන්නකොට අලුතින් බදු පැනෙව්වා කියලා. අපි විශේෂ බදු පැනවීමක් සිද්ධ කළේ නෑ. විශේෂයෙන් පසුගිය අවුරුදු තුන ඇතුළෙදි පළවෙනි වතාවට තමයි ලංකාවේ – ඒ කියන්නෙ අවුරුදු තුනක් යනකල්ම වැට් බදු වැඩි නොකර තිබිලා තියෙන්නෙ මේ කාලේ. මෙවරත් සමත් වෙනවා වැට් බදු වැඩි නොකරන්න. ඒ වෙනුවට වැට් බදු සහනයක් දෙන්නත්. ඒ වගේම ආදායම් බදුවලට විශේෂ සහනයක් දෙන්නත් යෝජනා කරලා තියෙනවා. ආදායම් බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාවය වැඩි කරන්නත් යෝජනා කරලා තියෙනවා. විශේෂයෙන්ම වැරදි අදහසක් විපක්ෂයෙන් මතුවුණා මේ බදු අඩු කරන්න අපි යෝජනා කළායි කියලා. නෑ. එවැනි දෙයක් සිද්ධ වුණේ සමාජ මාධ්‍ය විසින් අපි ඉදිරිපත් කරපු අදහසක් වැරදි විදියට අර්ථකථනය කිරීමක්”

අනිල් ජයන්ත නියෝජ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ ඊයේ (පෙබරවාරි 25) අයවැය විවාදයේදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...