නැගෙනහිර කොංගෝවේ ගැටුම් වලින් මාසයකදී 7000ක් මියගිහින් – UN මානව හිමිකම් කවුන්සිලයේදී හෙළිවෙයි!

Date:

කොළඹ LNW:නැගෙනහිර කොංගෝවේ හටගෙන ඇති ගැටුම් හේතුවෙන් පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා 7000ක් පමණ පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇති බව එරට අග්‍රාමාත්‍යවරිය වන ජුඩිත් සුමින්වා පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ ස්විස්ටර්ලන්තයේ ජිනිවා අගනුවරදී ආරම්භ වූ 58 වන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් අගමැතිවරිය අග්‍රාමාත්‍යවරිය ඒ බව අනාවරණය කර ඇති බවයි. එහිදී අගමැතිවරිය පවසා ඇත්තේ නැගෙනහිර කොංගෝවේ තත්ත්වය භයානක තැනකට පත්ව තිබෙන බවත් මියගොස් ඇති බහුතරය සිවිල් වැසියන් බවත්ය.

නැගෙනහිර කොංගෝවේ ගෝමා නගරයෙන් පමණක් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 3000 ක් පමණ වන බවයි ඇය එහිදී තවදුරටත් පවසා තිබුණේ.

හඳුනානොගත් මළ සිරුරු 2500 කට අධික සංඛ්‍යාවක් භූමදානය කර ඇති අතර තවත් මළ සිරුරු 1500 ක් පමණ හඳුනාගැනිම සඳහා යොමුකර ඇති බවද අගමැති ජුඩිත් සුමින්වා මානව හිමිකම් කවුන්සිලය හමුවේ පවසන ලදී.

පසුගිය ජනවාරි මාසයේ සිට රුවන්ඩාවට පක්ෂපාත කැරළි කණ්ඩායමක් හා කොංගෝ රජයේ හමුදා අතර නැගෙනහිර කොංගෝවේදි ගැටුම් ආරම්භ විය.

රුවන්ඩාව කැරලිකරුවන්ට ආයුධ සහ හමුදා සහය දෙන බවට නැගෙනහිර කොංගෝව කරන චෝදනාව රුවන්ඩාව විසින් ප්‍රතික්ෂේප කිරීමට ද කටයුතු කර තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...