මේ යනවිදිහටම නම් යන්නේ සජිත්ට විපක්ෂය ගොඩ දාන්න බැහැ – දිලිත්

Date:

කොළඹ LNW:සජිත් ප්‍රේමදාස මහතා මේ යන විදිහටම ගියොත් විපක්ෂය ගොඩගත නොහැකි බව සර්ව ජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු තවමත් සම්ප්‍රදායික විපක්ෂ දේශපාලන භූමිකාවේ නියැලෙමින් සිටින බවයි ජයවීර මහතා සඳහන් කරන්නේ.

ඒ අනුව දේශපාලනිකව වෙනස්වීම ගැන ඔහු වේලාව ගෙන කල්පනා කළ යුතු වන බව මන්ත්‍රීවරයා කියාසිටියි.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ කුමන්ත්‍රණ දේශපාලන ගැන පවසමින් දිලිත් ජයවීර මහතා පවසන්නේ හිටපු ජනාධිපතිවරයාට අවශ්‍යව ඇත්තේ සජිත් ප්‍රේමදාසගේ දේශපාලන මියයාම හැකි ඉක්මණින් අවසන් කටයුතු දක්වා රැගෙන යාමත් අනෙක් පසින් වත්මන් ආණ්ඩුව නැවත බලයට පැමිණියද වික්‍රමසිංහ මහතා තමන්ගේ ජනාධිපතිකම සිය ජීවිත කාලය තුළ පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරගැනීම බවත්ය.

”විපක්ෂ නායකතුමා මම හිතන්නේ සාම්ප්‍රදායික විපක්ෂ දේශපාලන භූමිකාවේ යෙදෙනවා. මම හිතනවා ඔහුටත් ආරාධනා කරන්නට ඕනේ වෙලාව අරගෙන හිතන්න ඔයිවිදිහට ඉඳල නම් විපක්ෂය ගොඩගන්න බැහැ. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා හෝටලයකට කැඳවල රෑට රෑට විපක්ෂය එකතුකරන වැඩෙත් හරියන වැඩක් නෙවෙයි. මොකද මේවා ඔක්කොම දේශපාලන ඇතුලේ ක්‍රියාත්මක වන තවත් දේශපාලනික කුමන්ත්‍රණ. එක පැත්තකින් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඓතිහාසික දේශපාලන කාර්යභාරය වී තිබෙන්නේම ඔහු ප්‍රධාන ධාරාවේ දේශපාලනයේ යෙදෙනවට වැඩිය කුමන්ත්‍රණ දේශපාලනයේ යෙදීම. ඔහුට අභිලාෂයන් දෙකක් ඇති බව බැලූ බැල්මට ඇති බව පේනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ සිදුවුණ දේශපාලනිකව මියයාම ඉක්මණට අවසන් කටයුතු දක්වා ගෙනියන්න. ද්විතිකව හිටපු ජනාධිපතිවරයා බුක්ති විදිමින් ඉන්නවා තනතුරු නොමැතිව නමුත් ජනාධිපති කාර්යභාරය කරමින් ඔහු ජනාධිපතිවරයා ලෙස හැසිරෙන බව. මේ ආණ්ඩුව නැවත පත්කරගත්තත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජීවිත කාලය තුළ ඔහුට තමන්ගේ ජනාධිපතිකම දිගටම පවත්වාගෙන යන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරගැනීමට ඔහු කටයුතු කරන බව ඔහුගේ මෑත කාලීන හැසිරීම තහවුරු කරනවා.” යනුවෙන් දිලිත් ජයවීර මහතා පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...