වකුගඩු බද්ධ කිරීම් අකර්මණ්‍ය වේද??

Date:

රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසන්නේ වකුගඩු සහ අවයව බද්ධ කිරීමේදී සිදුකරනු ලබන ගැලපීම් සහ සැසඳුම් පරීක්ෂණ කටයුතු මේ වන විට අකර්මණ්‍ය වී ඇති බවත්, වකුගඩු, අක්මා ඇතුළු අවයව බද්ධ කරනු ලබන රෝගීන්ගේ ජාන හඳුනා ගැනීම්, ගැලපීම් සහ සැසඳුම් පරීක්ෂණ සිදුකිරීමේදී භාවිත කරනු ලබන රසායනික ද්‍රව්‍යවල පවතින විශාල හිඟය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවය.

මේ හේතුවෙන් එම පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබන්නේ ඉතා සීමිත ලෙස බව වාර්තා වන අතර මසකට වකුගඩු හා අවයව බද්ධ කිරීම් සිදුකරනු ලබන රෝගීන්ගේ සාම්පල් 200ත් 250ත් අතර ප්‍රමාණයක් රජයේ රෝහල්වලින් රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත එවනු ලබයි.

රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සඳහන් කළේ , එම සාම්පල්වලට අදාළ ජාන හඳුනාගැනීම්, ගැලපීම් සහ සැසඳුම් පරීක්ෂණ සිදුකිරීමේදී එක් සාම්පල පරීක්ෂාවකට රුපියල් 175,000ක මුදලක් වැයවන බවයි.

සාම්පල් පරීක්ෂා කර අදාළ රෝහල් වෙත වාර්තාවක් නිකුත් කිරීම රුධිර පාරවිලයන මධ්‍යස්ථානය විසින් සිදුකරනු ලබන අතර මේ වන විට අත්‍යවශ්‍ය සහ අනිවාර්යයෙන් බද්ධ කිරීමක් සිදුකරනු ලබන සහතික කළ රෝගීන්ගේ සාම්පල් පමණක් සීමා සහිතව පරීක්ෂා කරන බව රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.

පරීක්ෂණ සඳහා භාවිත කරනු ලබන රසායනික ද්‍රව්‍ය හිඟය සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවද රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පවසයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අදාළ රසායනික ද්‍රව්‍යවලට අදාළව මිලියන 600ක පමණ හිඟ මුදලක් සැපයුම්කරුට ගෙවීමට ද ඇති බවට වාර්තා වන අතර , අදාළ සැපයුම්කරු හිඟ මුදල ගෙවන තෙක් සැපයුම් ලබා නොදෙන බව ප්‍රකාශ කර ඇත.

රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සඳහන් කළේ
මෙම රසායනික ද්‍රව්‍ය ආනයනය කරනු ලබන්නේ එක් සැපයුම්කරුවෙකු පමණක් බැවින් අදාළ රසායන ද්‍රව්‍ය ගෙන්වා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි .

එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ, පවතින රසායනික ද්‍රව්‍ය හිඟය හේතුවෙන් ඉදිරියේදී වකුගඩු සහ අවයව බද්ධ කිරීමේදී සිදුකරනු ලබන ගැලපීම් හා සැසඳුම් පරීක්ෂණ නතර කිරීමට සිදුවනු ඇති බවය.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...