කොළඹයි නුවරයි අර්ධ අවසන් පූර්ව වටයට

Date:

ශ්‍රී ලංකා රගර් වර්ණවත් කිරීමට පෙරමුණ ගෙන සිටින අනුග්‍රාහකත්වය වන නිපොන් පේන්ට් අනුග්‍රහය ඇතිව,ශ්‍රී ලංකා රග්බි රගර් ක්‍රීඩාවේ අනාගතය දුර සිට දැකීමේ අභිලාෂය පෙරදැරිව සංවිධානය කරන කණ්ඩායමකට දස දෙනෙක් සහභාගි වන අවුරුදු 16 න් පහළ තරගාවලියට ඉදිරිපත් වූ කණ්ඩායම් 29 ක් අතරින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි කණ්ඩායම් 8 ක් ඊයේ මෙන්ම අදත් මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී තරග වැදීමට නියමිතයි.



ඌව,සබරගමුව,මධ්‍යම,දකුණ,වයඹ සහ බස්නාහිර පළාත් නියෝජනය කරමින් මෙම කණ්ඩායම් 29 තරගවලිය සඳහා එක්ව සිටියත් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසියේ මධ්‍යම පළාත නියෝජනය කරමින් සහභාගි වූ මහනුවර විද්‍යාල තුනක් සහ බස්නාහිර පළාත් නියෝජනය කරමින් සහභාගි වූ කොළම දිස්ත්‍රික්කයේ පාසල් පහකි.
ඒ අනුව අද දවසේ කොළඹ ඉසිපතන විද්‍යාලය සහ මහනුවර විද්‍යාලයත්,මහනුවර විද්‍යාර්ත සහ කොළඹ සහිරා විද්‍යාලයත්,මහනුවර ත්‍රිත්ව සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයත් සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයත් අර්ධ අවසන් පූර්ව වටයට තරග වැදීමට නියමිතය.

එම තරග ජයග්‍රහණය අනුව අවසන් පූර්ව තරග සහ අවසන් තරග ද අද පවත්වා නිපොන් අවුරුදු 16 න් පහළ දස සාමාජික රගර් තරගාවලියේ සූරයන් අද පස්වරුවේ පල්ලෙකැළේ දී අභිෂෙක් ගන්වන්නට ශ්‍රී ලංකා රග්බි සැළසුම් සකස් කර තිබේ.
ඡායාරූපවල දැක්වෙන්නේ ඊයේ පැවති තරග අවස්ථාවන් කිහිපයකි.



නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...