තුනම රැකුණ එකම කෙනා ලලිත්

Date:

ප්‍රවීනයන්ගේ මේස පන්දු සමස්ත ලංකා සූරතාවලියේ දී ක්‍රීඩකයෙක්ට හෝ ක්‍රීඩිකාවක්ට අත් කර ගත හැකි උපරිමය වන සූරතා තුනම අවුරුදු 50 න් ඉහළ කාණ්ඩයේදී අත් කර ගන්නට ලලිත් ප්‍රියන්තට හැකි වුණා.ඔහු කේවල සූරතාවයට අමතරව ඩෙට්මයර් ඩෝරින්ග් සහ එක්ව අවුරුදු 50 ඉහළ පිරිම යුගල සූරතාවයද ජය ගත්තා.මිශ්‍ර යුගල තරගයේ සූරතාවය ඔහු දිනා ගත්තේ අයිරා රුවන්පතිරණ සමඟ එක්වයි.

පිරිමි අවසන් තරගයේදී ලලිත් අතින් පරාජයට පත් වුණේ තරග වට 3 – 2 ක් ලෙස චමින්ද රොඩ්රොගෝස් ය.පිරිමි තරගයේදී ලලිත් හා ඩෝරින් එක්ව ගාමිණි මොරායස් සහ තිලකානන්ද පරාජයට පත් කළා.මිශ්‍ර යුගල තරගයේදී ලලිත් හා අතින් පරාජයට පත් වුණේ නාමල් ගුණසේකර සහ චමින්ද පෙරේරායි.මේ අතර ලලිත් සහභාගි වූ බටර්ෆ්ලයි ක්‍රීඩා සමාජය මේ තරගාවලිය සඳහා ඉදිරිපත් කළ ක්‍රීඩකයින් තිදෙනාම ඒ ඒ වයස් කාණ්ඩවලදී ජයග්‍රහණ අත් කර ගත්තා.ලලිත් 50 න් ඉහළ සූරතාවය දිනා ගත් අතර,40 න් ඉහළ සූරතාවය දිනා ගත්තේ සම්පත් කුමාර ය.ඩොරින්ග් බටර්ෆ්ලයි ක්‍රීඩා සමාජයට අවුරුදු 60 න් පහළ සූරතාවය දිනා දී තිබෙනවා.ඩෝරින්ග් සහ ලලිත් අතර විශේෂත්වය වන්නේ ඔවුන් තරුණ අවධියේදී ද එකට ක්‍රීඩා කර ජාතික යුගල සූරතාවය දිනා තිබීමයි.අයිරා සහ ලලිත් යුගලය ක්‍රියාත්මක වන්නේ ප්‍රවීනයන්ගේ ඉසව් නියෝජනයට පැමිණි පසුයි.මෙවර ඔවුන් දෙදෙනා අතින් පරාජය වූ මිශ්‍ර යුගල කණ්ඩායමේ ලලිත් මෙන්ම ජාතික සූරතාවය දිනූ ජාත්‍යන්තර පිටියේද ශ්‍රී ලංකාවට යම් යම් ජයග්‍රහණ ගෙනා නාමල් ගුණසේකර චමින්ද පෙරේරාගේ සහයට එක්ව සිටියා.



නිෂ්මන් රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතුගම බලය සමගි ජන බලවේගයට

කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට සමගි...

වලපනේ ප්‍රාදේශිය සභාවට NPP සභාපතිවරයෙක්!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද දින (30)...

පරීක්ෂා නොකර නිදහස් කරන ලද බහාලුම් ගැන පාර්ලිමේන්තුවේදී හෙළි වෙයි!

කොළඹ LNW: රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් තොගයන් නිදහස් කිරීම...

ඇල්මෙන් උගනින්න ගිය පුත කුමක් විණ ?

මන්දාකිණි පිරුණු අනන්ත අහස ගැනදහසක් රහස් සඟවා ගත් මුහුද...