වර්තමානයේ රට තුළ වැඩ කළ හැකි දේශපාලනඥයන් අල්පයි – හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග

Date:

අත්තනගල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සභාව අමතමින් කියා සිටියේ වර්තමානයේ රට තුළ වැඩකළ හැකි දේශපාලනඥයින් අල්ප බවත් තරුණ ජවය සහිත දේශපාලනඥයින් රටට අවශ්‍යම කාලය එළඹ ඇති බවය.

ඒ බව පැවසූ කුමාරතුංග මහත්මිය;

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජපක්ෂලා ට මම භාරදීලා ගෙරදර ගිය කාලේ ඉඳන්ම කෑවා පක්ෂය. ඊළඟට සිරිසේනට භාරදුන්නා ගෙනල්ලා. මදැයි කෙරුවා. ඔයගොල්ලෝ මට ගහන්නේ නැති එක පුදුමයි. ඇයි මොකෙක්වත් නැති හින්දා අරූව පන්නන්න මූ ගෙනාවා… මූ ඊට වැඩිය අන්තයි. තනතුරු හම්බුණාම මෙහෙම පිස්සු වැටෙයි කියලා කොහොමද දන්නේ. ඒ මිනිහා රටත් කෑවා පක්ෂෙත් කෑවා. අපි ඔක්කොම කෑවා. ඊට පස්සේ අපි කිව්වා කියලා රාජපක්ෂලා එකක් තවදුරටත් යන්න එපා අපි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනියම ඉඳලා ගොඩනගලා ගමු ආයමත් එහෙම කිව්වා කියලා මාව පැන්නුවා පක්ෂයෙන්. ඊට පස්සේ 40 ගාණක් පැන්නුවා. තව කොටසක් මූ එක්ක ඉන්න බෑ කියලා අස්වෙලා ගියා. මට නම් මිත්‍රිවරුණී සියල්ලට වඩා ප්‍රධාන වෙන්නේ රට. නමුත් මගේ පක්ෂය බාධාවක් නම් රට ඉදිරියට යන්න මට පක්ෂයත් අමතක කරන්න වෙනවා. පක්ෂය හිටපුවාවෙයි කියලා අපිට පුළුවන් එකක් එක්ක වැඩේ කරනවා.”

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජුනි 30) දිනයේදී බස්නාහිර, සබරගමුව...

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...