පාස්කු ප්‍රහාරය ගැන අලුත් කරුණු හෙළිවෙලා. අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍යයි – රනිල්

Date:

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ වනවිට අලුතින් කරුණු හෙළිවී ඇති බැවින් සියලු දෙනාම එකතුව මේ පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකළ යුතු බව හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“පාස්කු ඉරිදා සිද්ධිය පිළිබඳ අලුත් කරුණු දැන් හෙළිවෙලා තියෙනවා. කොමිසමේ වාර්තාව අනුව කීපදෙනෙක්ට විරුද්ධව නඩු දාන්න යෝජනා කළාට ඒ පරීක්ෂණ සම්පූර්ණ කළාට පසුව රජය නඩු දැම්මේ හිටපු පොලිස්පතිතුමාටත් හිටපු ආරක්ෂක ලේකම්තුමාටත් විරුද්ධව. අධිකරණයේ තීන්දුව අනුව මේ විත්තිකාරයින් දෙදෙනාගේ සාක්ෂි කැඳවන්නෙ නැතුව මේ අයට විරුද්ධව නඩු නැහැ කියලා තීරණය කළා. ඒ වගේම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුත් තවත් දෙදෙනෙකුත් මේ පිළිබඳව අත් අඩංගුවට අරගත්තා. ඒ තුන්දෙනාම දැන් නිදහස් කරලා තියෙන්නෙ. අන්තිමට ශානි අබේසේකරගේ දිවුරුම් ප්‍රකාශය තිබෙනවා. ශානි අබේසේකර කියන දේ අනුව මේ ගැන විශේෂයෙන්ම හමුදා බුද්ධි සේවය සම්බන්ධයක් තිබුණු බවට. මේ අවස්ථාවේදී මම හිතන්නෙ සියලු දෙනාම එකතුවෙලා මේ ගැන අපක්ෂපාතීව තීරණයක් අරගත යුතුයි”

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (25) දිනයේදී මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලසන්ත ඝාතනයෙන් හිස් වූ සභාපති පුටුව මාලිමාවට!

කොළඹ LNW:වැලිගම ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස අද (02)...

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...