*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා පාපන්දුවේ ආරක්ෂාව දෙදරයි ඩක්සන් ජීවිතයෙන් නික්ම යයි

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ මෑතකාලීනව දියුණුව මනින විට බොහෝ අයට එහි උදාහරණ වන්නේ ගෝල් ලැබූ ක්‍රීඩකයින්ය.නමුත් ප්‍රතිවාදීන්ට ගෝල ලබා නොදෙන්නට වැඩ කරන ආරක්ෂක පෙළ විශිෂ්ඨත්වයට කවි ගි ලියැවෙන්නේ ඉතාම අඩුවෙන්ය.නමුත් ක්‍රීඩකයින් මෙන්ම පාපන්දුව හා සමිපව ඇසුරු කරන්නන් ප්‍රයෝගිකව ඒ ආරක්ෂාව සම්බන්ධ කතාව දන්නේය.ඒ දන්නා කතාවේ මෑතකාලින වීරයා ඩන්නේ ඩක්සන් පුස්ලස් ය.

එහෙත් යළි ඔහු පිටියට නොබසින්නේය.ඒ මාල දිවයිනේ වැලෙන්සියා කණ්ඩායමට ක්‍රීඩා කරමින් සිටින අතරතුර ඔහු ජීවිතයෙන් නික්ම යන්නට තීරණය කර ඇති බැවින්ය.ඒ තීරණය වෙනස් කරන්නට කිසිවෙකුත් දැන් නොසිටිය බව සහතිකය.ඊයේ හවස මාල දිවයිනේ තවත් පාපන්දු කණ්ඩායමක් වන ඩීඒ ග්‍රෑන්ඩ් කණ්ඩායමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ත්‍රිඩක චමෝද් ඩිල්ෂාන්ට ඩක්සන් හමුවෙන්නේ ඔහු ක්‍රීඩා කරන වැලෙන්සියා පාපන්දු කණ්ඩායම අතර තරඟයේ දී ය.එහෙත් ඩක්සන් ක්‍රීඩා කර නැත.ප්‍රමෝද් ට ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ලැබි තිබුණ පිළිතුර කකුල අමාරුයි යන්නය.
නමුත් ගෙල සිරවෙන තරමේ අමාරුවක් ඔහුගේ හිතේ තියෙන්නට ඇත.එය දැනගන්න විට ඔහුගේ හුස්ම සැඟවී අවසන්ය.

ශ්‍රී ලංකා ටිම් එකට මාර පාඩුවක්.ඔය වගෙ ඩිෆෙන්ඩර් කෙනෙක් හොයාගන්නවා කියන හදා ගන්නවා කියන එක ලේසි වැඩක් නෙමෙයි.

ශ්‍රී ලංකා ක්‍රීඩක කවිඳු ඉෂාන් කියන්නේ එසේය.ඔහු වැඩි දුරටත් පවසන්නේ කණ්ඩායමේ කිසිවෙකුට මනසින් වැටෙන්නට නොදී කෙතරම් අමාරු තරගයක වුව පස්සට නොයා අල්ලාගෙන ඉන්න ශක්තිය පිඹපු මනුස්සයා ඩක්සන් බවය.සුජාන්ට ඔච්චර හොඳට කරන්න ඩක්සන්ගේ ඩිෆෙන්ඩ්ස් එක බලපෑවා.සුජාන්ට මම කතා කළාම ඔහු කිව්වෙ පස්සෙ කතා කරමු කියලා.ඔහු ඉන්නෙ මේ මරණය නිසා පුදුම කම්පනයකින්.

කවිඳු කියන කතාවම වැලෙන්සියා පාපන්දු කණ්ඩායම ඩක්සන්ගේ වියෝව ගැන තබන සටහනේ ද කියන්නේය.වැලෙන්සියා කණ්ඩායම ඩක්සන්ව හඳුන්වන්නේ සිය කණ්ඩායමේ ආරක්ෂාවේ හදවත හැටියට ය.ඔහු ආරක්ෂක පෙළ පෙරැලිය නොහැකි ශක්තිමත් ගල් කුළුණක් සේ රැඳුණ බව වැලෙන්සියා සටහන් කරන්නේය.එය පිරවීමට අපහසු හිස් තැනක් බව ජාත්‍යන්තර ක්‍රීඩකයන් ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජයක් පවසන්නේ ඔහු කෙතරම් දක්ෂයෙක් නිසාද යන්න සිතා ගන්නට අපහසු නැත.

වයස 31 දි නික්ම යන ඩක්සන් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ සහෘදයාය.වසර 31 තුළ ඔහු සිය ක්‍රීඩා රටාව කැපවීමෙන් සහ අත්දැකිම්වලින් පෝෂණය කර ගනිමින් කණ්ඩායම ජයග්‍රාහි අරමුණක රඳවා ගන්නට නිරන්තරයෙන් දිරිමත් වැකි මිමිණුවේය.ස්ථානය නිරතුරුවම ආරක්ෂක පෙළය.ඒත් ඒ ආරක්ෂාව ඔහුට ඔහු වෙනුවෙන් කර ගන්නට නොහැකි වි ඇත.

දිරිමත්,ජය පරාජය හමුවේ නොසැලෙන සිත් ඇති ඩක්සන්ව ආරක්ෂා කරන්නට නමුත් වැඩ පිලිවෙලක් තිබි නැති බව හැඟෙන්නේය.එය සමස්ත ක්‍රීඩකයාගේ පෞරුෂය ගැන ද ගැටළුවක් සමාජය ඉදිරියේ මතු කරන එකක් විය හැකිය.ඇඟ හදන්න,ෆිට්නස් බලන්න,කෑම ටික රහට ගුණට දෙන්න කියා සිය වගකීම අවසන් කරන්නට බැරි බව ඩක්සන් දෑස් පියාගෙන කියමින් සිටින්නේය.

හිත ගැනත් බලන්න,හැම වේලේම විමසිල්ලෙන් ඉන්න.ක්‍රීඩකයා දැඩි හිතින් දරාගෙන තරග වදින ආකාරයෙන්ම දැඩි හිතින් සියල්ල හැර යාමටද තීරණය කරන්නට පුළුවන්ය.තමන්ගේ ශෝකය ප්‍රකාශ කරන අතරේ පාපන්දුව ශෝක විය යුත්තේ ඩක්සන්ව කියවා ගැනීමට තරම් සහ ඩක්සන්ට හිත දවන දේ බෙදා හදා ගන්නට තරම් තමන්ට සහෘද විය නොහැකි විම ගැනය.ඒ නිසා ශෝක වෙන අතරේම භාවිත වචනයෙන් තමන්ගේ හෘද සාක්ෂියෙන් ඔවුන් ශ්‍රී ලංකා පාපන්දුවට අහිමි කළ විශිෂ්ඨ ආරක්ෂක ක්‍රීඩකයා වෙනුවෙන් සමස්ත පාපන්දු ආදරවන්තයන්ට “සොරි” කියා ද කිවිය යුතුය.
ඩක්සන් සුබ ගමන්!

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan