කාලෙකට පස්සෙ යෝෂිත නැව්ගත වුණත් ගුවන් ප්‍රහාරයෙන් පරදියි

Date:

රට අනේක විධ ගැටළු හමුවේ අපහසුවට පත්ව සිටින මොහොතක දහසක් අවිවේකී රාජකාරි මැද රගර් වින්දනය සොයා පැමිණි අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ නාවික හමුදාව වෙනුවෙන් ගුවන් හමුදාවට එරෙහිව උත්සාහක දිණුමක් ලබා ගත්තත්, සිය භූමියට කැදවා ගත් නාවික හමුදාවට ජයග්‍රහණය රැගෙන යන්නට ගුවන් භටයෝ ඉඩ නොතැබූහ. මෙවර රග්බි ලීග් තරගමාලාවේ අභියෝගාත්මක කණ්ඩායමක් ලෙස සිය ප්‍රතිරූපය සකසා ගෙන සිටි නාවික හමුදා කණ්ඩායමට ඊයේ (පෙබරවාරි 25) රත්මලානේ දී ගුවන් හමුදාව ඉදිරියේ සිඳු වූයේ පරාජය වැළඳ ගන්නටය.

ලකුණු 12 – 10 ක් ලෙස ගුවන් හමුදාවේ ජය සනාත වූ මේ තරඟයේ පළමු අර්ධයේ දී කණ්ඩායම් දෙකම උත්සාහක දිණුම බැගින් වාර්තා කර ලකුණු සම තත්ත්වයේ රඳවාගෙන සිටියත් දෙවන අර්ධයේදී දෙපිළ රැස් කරන ලද උත්සාහක දිණුම් දෙකේදී ගුවන් හමුදාවේ උත්සාහක දිණුම ප්‍රවර්ථනයක් බවට පත් කරන්නට ෆාරිස් අලි සමත් වීම නිසා ලකුණු දෙකක් ඉදරියේ සිට තරගය නිම කිරමේ භාග්‍යය ගුවන් හමුදාවට හිමි විය.

යෝෂිතට අමතරව නාවික හමුදාව වෙනුවෙන් සජිත් සාරංග ද උත්සාහක දිණුමක් ලබා ගන්නට සමත් විය.ගුවන් හමුදාව වෙනුවෙන් විමුක්ති ප්‍රනාන්දු සහ ගිම්හාන සිල්වා උත්සාහක දිණුම් ලැබූහ.දෙපිළ රැස් කළ උත්සාහක දිණුම් හතරෙන් නිවැරදි එල්ලයක් සහිත ප්‍රවර්ථනයක් එකක් පමණක් වාර්තා වූ අතර ගුවන් හමුදාව වෙනුවෙන් ඒ වගකීම ඉටු කළ ෆාරිස් අලි ඒ ඇති කළ ලකුණු දෙකේ තරඟයේ ජයග්‍රහණයේ සාධකය ද විය.

අයියාගේ උත්සාහය නාවික හමුදාවේ ජයග්‍රහණයට ප්‍රමානවත් නොවුණත්,සීඑච් ඇන්ඩ් එෆ්සී කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අගමැතිවරයාගේ පවුලේ “බඩ පිස්සා” රෝහිත රාජපක්ෂට සිඑච් කණ්ඩායම යුද හමුදාවට එරෙහිව 33 – 23 ක් ලෙස ලැබූ ජයට ලකුණු අටකින් දායක වෙන්නට හැකි විය.ඔහු එම තරඟයේ සීඑච් කණ්ඩායම රැස් කරන ලද උත්සාහක දිණුම් පහෙන් හතරක්ම නිසි ඉලක්කයට යොමු කරමින් ප්‍රවර්ථන සාර්ථක කර දුන්නේය.

හැව්ලොක් ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයේ මුල් භාගයේදී යුද හමුදාව ලකුණු 11 – 5 ක් ලෙස පෙරමුණේ සිටි අතර එහෙත් දෙවන අර්ධයේදී සීඑච් කන්ඩායම ආක්‍රමණික ක්‍රීඩා විලාශයකින් ලකුණු 28 ක් රැස් කරද්දි,යුද හමුදාවට රැස් කරන්නට හැකි වූයේ ලකුණු 12 ක් පමණි.

සීඑච් කණ්ඩායමට මෙම තරගයේදී අශාන් ඩාර්ලින්,කුෂාන් ඉඳුනිල්,මොහොමඩ් අබ්සාල්,ඔමල්ක ගුණරත්න සහ හිරන්ත පෙරේරා උථ්සාහක දිණුම් වාර්තා කළ අතර යුද හමුදාව ලබා ගත් ලකුණු 23 සමන්විත වූයේ උථ්සාහක දිණුම් තුනකින්,දඩුවම් පහර දෙකකින් සහ එක් ප්‍රවර්ථනයකින්ය.සුදාරක දික්කුඹුර,ධනුක විජේතිලක සහ ධනුෂ්ක තලවත්ත යුද හමුදාව වෙනුවෙන් උත්සාහක දිණුම් ලැබුවෝ වෙති.එම උත්සාහක දිණුම් තුනෙන් එකක් සාර්ථක ප්‍රවර්ථනයක් බවට පත් කර ගත් තරිඳු මධුශාන් හෙට්ටිආරච්චි තවත් දඩුවම් පහර දෙකක් ද සාර්ථකව එල්ලයට යොමු කරන්නට සමත් විය.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සජිත්ගේ පුරෝකථනය!

කොළඹ LNW:2028 වසරේ සිට විදෙස් ණය ගෙවීමට නම් 2025,...

ආකාශ් යළි ක්‍රියාත්මක වෙයි

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 05, කොළඹ LNW: යාපනය හාර්ට්ලි විද්‍යාලය නියෝජනය...

15 දෙනෙකුට මරු කැඳවූ අනතුර සිදුව ඇත්තේ බස් රථය ජීප් රථයක හැපීමෙන් – ජීප් රියදුරු අත්අඩංගුවට !

ඇල්ල - වැල්ලවාය මාර්ගයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ බිහිසුණු අනතුර...

අකල් වෘධ තරුණයා ; KK

අකල් වෘධ තරුණයා උපන් දා හැන්දෑවෙ කාන්සියෙබලන් වැඩ සිටින...