Thursday, March 30, 2023
spot_img

Latest Posts

හොර පාස්පෝට් හා LTTE සිද්ධියකට ඇල්ලූ පොහොට්ටුවේ කඩුගන්නාව සභාපති ඇප මත නිදහස්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර සකස් කිරීම සහ හිටපු LTTE සාමාජිකයින්ගේ බිරින්දෑවරුන් විදෙස් රටවලට රැගෙන යාම සම්බන්ධයෙන් චෝදනා ලැබ අත් අඩංගුවට ගෙන සිටි කඩුගන්නාව නගරසභාවේ සභාපති ( ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ) අමිල වේරගොඩ ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (25) නියෝග කළේය.

ඒ, ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගම මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමිල වේරගොඩට එරෙහිව අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර ඔහු හිටපු LTTE සාමාජිකයින්ගේ බිරින්දෑවරුන් විදෙස් රටවලට රැගෙන යාම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති නමුත් ඊට සාක්ෂි ලැබී නොමැති බවයි ප්‍රකාශ කළේ.

ඒ අනුව ඔහුව රුපියල් 20000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමට නියම කළ අධිකරණය දෙවැනි චෝදනාව සම්බන්ධයෙන් සාක්ෂි ඇත් නම් ඊට වෙනම නඩුවක් ගොනු කරන ලෙසත් නියෝග කළේය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.