යුක්‍රේන යුධමය තත්ත්වය ශ්‍රී ලංකාවට බලපාවිද…?

Date:

යුක්‍රේන අර්බුදය ශ්‍රී ලංකාවටද බලපෑමක් ඇතිකරන බව කොළඹ විශ්වවිද්‍යාලයීය ජාත්‍යන්තර සම්භන්ධතා පිළිබඳ ජේෂ්ඨ කථිකාචාර්යවරියක පවසයි.

ඩොලර් අරබුදය හමුවේ රට මුහුණ දී සිටින ඉන්ධන ගැටලුව තවත් වැඩි කිරීමට මෙය හේතු වේ.
රුසියාව ලෝක බලවතුන්ගේ බලශක්ති සැපයුමේ ප්‍රධාන රාජ්‍යකි.
තෙල් නිශ්පාදනය කරන රටවල් අතර ලොව දෙවැනි විශාලම රාජ්‍ය වන්නේ රුසියාවයි.
ලොව ස්වාභාවික ගෑස් නිශ්පාදනය කරන ප්‍රධාන රාජ්‍ය ද රුසියාවයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මේ වනවිට රුසියාවට සම්බාධක පැනවීම සඳහා සාකච්ඡා පවත්වයි. යම් ලෙසකින් රුසියාවට සම්බාධක පැනවුවහොත් එය ගෝලීය බලශක්ති සැපයුමට විශාල බලපෑමක් එල්ල වනු ඇත.

මේ වසරේදී දිවයිනට පැමිණි සංචාරකයන්ගෙන්
15%ක් රුසියාවෙන්
8% ක් යුක්‍රේනයෙන්
පැමිණ ඇත. එය කොවිඩ් තත්ත්වයට පෙර පැවති තත්ත්වයටත් වඩා වැඩි වීමකි.
දැනට පවතින යුධමය තත්ත්වය සමඟ සිවිල් ගුවන් සේවා වලට බාධා එල්ල වී ඇත. මෙය ඍජු හා වක්‍ර ලෙස මෙරට,

  • ආදායමට සහ සංචාරක කර්මාන්තයට *
    බලපෑම් කිරීමේ හැකියාවක් පවතී .
    මෙහිදී රුසියාව හැදින්විය හැක්කේ ලංකාවට තේ අපනයනය කරන ප්‍රධාන රාජ්‍යක් ලෙසය
    ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලය හරහා රුසියාවට යම් ආර්ථික සම්භාධක පැනවීමක් සිදු වුවහොත් එහි අතුරු ප්‍රථිපලයක් ලෙස තේ අපනයනයෙන් අප ලබන ආදායමට මෙය බලපෑමක් එල්ල කල හැක. මීට අමතරව පසුගිය මාස හය ඇතුළත ලංකාවේ කොටස් වෙළඳපොළ වැඩියෙන්ම බිද වැටුණු දිනය ලෙස අද දවස (2022.02.25) පත් වී ඇත
    විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ හා බලශක්තිය යන ක්ෂේත්‍ර වල කොටස් වෙළඳපොළ 5% කින් පහත වැටී ඇත.ඒ තත්ත්වය තව දුරටත් වර්ධනය වුවහොත්,
    රුපියල අවප්‍රමාණය වීමත්
    එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය වැඩි වීමත්
    අපි දැනට ගතකරමින් සිටින දුෂ්කර කාලය අතිශය දුෂ්කර කාලයකට අපව ගමන් කරවන්නටත්
    හේතුවක් විය හැක.

කෙසේ හෝ වසංගත හමුවේ දෙදරා තිබූ ලෝකය , අද වන විට යුධගිනි දැල් ද ඇවිලෙමින් පවතී. සියලු දේ උපේක්ෂාවෙන් දරාගන්නා ලෝක වාසීන් මෙන්ම එයින් කොටසක් වන ශ්‍රී ලාංකිකයන් වන අපිටද එය දරා ගත නොහැකි වුවත් දරා ගැනීමට සහ ඉවසීමෙන් මුහුණ දීමට සිදුව ඇත. මේ වන විටත් සියලු රටවල් අවිනිශ්චිත ලෙස බලා සිටින්නේ තව නොබෝ දිනකින් කුමන තත්ත්වයකට මුහුණ දීමට සිදුවේවිදැයි යන්නයි. කොවිඩ් යනු ආයුධ නොමැති මාර යුද්ධයකි. එයින් ජය ගනිමින් සිටින මොහොතක තවත් යුද්ධයකට මෙම යුක්‍රේන , රුසියා මුහුණට මුහුණ ගැටීමෙන් ඔවුන් හා බැඳුණු ලෝක බලවත්තු සහ රටවල් ගණනාවක් ද විශාල අර්බුදය රැසකට මුහුණ දෙමින් සිටී.

යුද්ධයේ බිහිසුණු බව උපරිමයෙන් විදපු අපි එයින් මිදී වසර 13 ක් ගත වූවද එහි අඳුරු මතකයට සමුදීමට නොහැක. ඇතැමුන්ට නම් මේ වනවිටත් ඒ සියල්ල අමතකව ගොසිනි .
කෙසේ හෝ සියලු යුධ ගැටුම් නිවී යුක්‍රේනයට සාමය උදාවේවා යන්න සියලු ලෝක වාසීන්ගේ ඒකායන ප්‍රාර්ථනයයි….!!!

රෂිකා සඳමාලි හෙන්නායක Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...