බූස්ටර් එක ගන්න, ජීවිත අවදානමක් නොගන්න..

Date:

දැනට මාස දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවේ දෛනික කොවිඩ් – 19 රෝගීන් වාර්තා වීම 200 සිට 600 අතර ගණන තිබූ අතර, මේ වන විට එය 1500 සීමාව තෙක් වැඩි වී ඇත. 20 සීමාවෙන් පහත තිබූ දෛනික මරණ ප්‍රමාණය මේ වන විට 30 සීමාව ඉක්ම ගොස් ඇත.දැනට දෛනිකව වාර්තා වන රෝගීන්ගේ ප්‍රතිශතයට අදාළව මරණ ප්‍රතිශතය වැඩි අගයක් ගන්නා බව සෞඛ්‍ය අංශ පවසයි.මේ වන විට එන්නත් මාත්‍රා එක, දෙක සහ බූස්ටර් මාත්‍රාව ලබාගත් සහ ලබා නොගත් පුද්ගලයන් රෝගයට භාජනය වීම සහ සංකූලතා අඩු වැඩි වීම වෙනස් අගයක් ගනි.

තවදුරටත් ඒ පිළිබඳව විස්තර කරන්නේ නම්, මාත්‍රා තුනම ලබාගත් දීර්ඝ කාලීනව නිදන්ගත රෝග සහිත පුද්ගලයන්ට රෝගය වැළඳීමේ අවකාශය ඇති මුත් ඔවුන්ට රෝහල්ගත වීමට හෝ දැඩිසත්කාර ඒකක ගත කිරීමට හෝ ඔක්සිජන් ලබා ලබාදීමට ඇති අවස්ථා විරලය.එක් මාත්‍රාවක් ලබා ගත් හෝ කිසිදු එන්නතක් ලබා නොගත් පුද්ගලයෙකු දීර්ඝකාලීන නිදන්ගත රෝගීයකු නම් ඔහු රෝහල්ගත කිරීම සහ දැඩිසත්කාර ඒකක ගත කිරීම ඔක්සිජන් ලබා දීම සහ මරණයට පත්වීමේ ප්‍රතිශතය ඉතාමත් ඉහළ මට්ටමක පවතී.එන්නත් ලබා ගත්තද නොගත්තද රෝගී ලක්ෂණ යම්කිසි පුද්ගලයකු වෙත ඇත්නම් කඩිනමින් රෝහල් ගත වීම හෝ වෛද්‍ය උපදෙස් පැතීම ඉතාමත්ම වැදගත් වන අතර හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවන තෙක් නිවසට වී කාලය ගත කිරීම යනු අවදානමක් ගැනීමකි. මේ වන විට ලෝකය පුරා ඩෙල්ටා ප්‍රභේදය ක්‍රමයෙන් අඩුවී යන අතර ඩෙල්ටා වැළඳුන කෙනෙකුට ඔමික්‍රෝන් වැළඳීමේ ප්‍රවණතාවයක් පවති. ඔමික්‍රෝන් වැළඳුණු අයෙකු නැවත ඩෙල්ටා ප්‍රභේදයට ගොදුරුවීමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙරට ක්‍රමයෙන් ඩෙල්ටා ප්‍රභේදය අඩුවීගෙන යන අතර 95% කට එකක් ලෙස දැනටත් ඩෙල්ටා ප්‍රභේදයේ රෝගීන් මුණගැසේ.

මෙය වෛද්‍ය විද්‍යාත්මක වශයෙන් සඳහන් කර ඇත. එන්නත්කරණය ලක් වූ පුද්ගලයන් නැවත නැවතත් වෛරසයට ගොදුරු වීමේ අවදානම ඉතාමත් අවමය.ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව ගත් කල ශ්‍රී ලංකාව තුළ තවමත් කොරෝනා වසංගතය වැඩි ප්‍රතිශතයකින් මර්දනය කිරීම හැකිවී පවතින අතර ශීඝ්‍රයෙන් ඔමික්‍රෝන් ලෝකය පුරා පැතිර යද්දී එතෙක් උදාසීන මට්ටමේ සිටි ජනතාව කඩිනමින් බූස්ටර් එන්නත ලබා ගැනීමට නැඹුරුවීම තුළ, ඉදිරියේ දී රෝගය පැතිරීයාම වැළැක්වීමට එයද පිටුවහලක් වනු ඇත.බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට ජනතාව නැඹුරුවීම වැළැක්වීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් ලංකාව පුරා ක්‍රියාත්මක වූ බව නොරහසක් වන අතර, යළිත් වරක් යුරෝපයේ ඔමික්‍රොන් ශීඝ්‍රයෙන් පැතිරී යාම හා මරණ ප්‍රමාණය වැඩි වීම තුළ එන්නත පිළිබඳව ජනතාව තුළ යළිත් විශ්වාසයක් ඇති වීම සතුටට කාරණයකි.ඔමික්‍රෝන් ප්‍රභේදයේ විශේෂයක් වන්නේ රෝගය වැළඳුණ අයෙකුට සති හයක් පමණ නික්ම යෑමෙන් අනතුරුව යළිත් වරක් රෝගයට ගොදුරුවීමේ අවකාශයක් පැවතීමයි. එය විද්‍යාත්මක දත්ත වලින් පෙන්වා දී ඇත.

මුල සිටම අපි දන්නා කාරණයක් තමයි එන්නත් කිරීමේ අරමූණ එසේත් නොමැති නම් එහි ප්‍රතිඵලය ලෙස පිළිබිඹු වන්නේ රෝග වැළඳීම වැළැක්වීම, සංකූලතා අඩු කිරීම සහ මරණ ප්‍රමාණය අඩු කිරීමයි. අනිකුත් ප්‍රභේදවලට වඩා ඔමික්‍රෝන් ප්‍රභේදය රෝග ලක්ෂණ පෙන්වීමේ ප්‍රවණතාවද අඩු නිසා යම්කිසි පුද්ගලයන් ප්‍රමාණයක් රෝගයට දරුණු ලෙස ගොදුරු වීමේ හැකියාවක් සහ මරණයට ගොදුරුවීමේ හැකියාවක්ද පවතී. සෞඛ්‍ය අංශ බූස්ටර් මාත්‍රාව ලබා ගන්නැයි ජනතාව වෙත පුන පුනා පවසන්නේ එයින් රෝගියා මරණයට පත්වීමේ අවස්ථාව අඩු වන බැවිනි.-

තිරුවණී විජේසිංහ -Facebook
Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...