*
Thursday, April 18, 2024
spot_img

Latest Posts

DP Education ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයට දීප්තිමත් ආදර්ශයක්!

උසස් අධ්‍යාපනය, නිපුණතා සංවර්ධනය සහ තාක්ෂණික පුහුණු සපයන්නන් යනු අපගේ තරුණ පුද්ගලයන්ට අවශ්‍ය රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ කේන්ද්‍රයන් ය. තරුණ පුද්ගලයන් විධිමත් හා අවිධිමත් අංශවල ක්‍රියාකාරකම් සඳහා සූදානම් කරවන මෙම අංශ රටට අවශ්‍ය ගුණාත්මක කුසලතා සංචිතයක් නිර්මාණය කිරීමෙහි ලා වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබයි. ඔවුන් සතු පුහුණුව සහ නිපුණතා මට්ටම් වඩාත් හොඳ වන තරමට ආදායම සහ ආර්ථික ප්‍රතිලාභ ඉහළ යන අතර, ජීවනෝපායවල ගුණාත්මකභාවය ද ඉහළ නංවයි.

60 දශකයේ මුල්භාගය යනු ධම්මික පෙරේරා ඉපදුණු කාලයයි, මේ කාලය වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සහ කුසලතා සාධනය සිංගප්පූරුව, මැලේසියාව, හොංකොං, දකුණු කොරියාව වැනි රටවලට වඩා බොහෝ ඉදිරියෙන් පැවති මුත්, ගතවූ විසි වසරක කාලය තුළ එම රටවලට වඩා බොහෝ සෙයින් පසුබැස තිබේ. රටේ වර්ධන අපේක්ෂාවන් යටපත් කර තැබීමට මෙය හේතු වී තිබේ. එබැවින් කොවිඩ්-19 තත්ත්වයෙන් පසු සියයට 05 කට ඉහළ වර්ධන වේගයක් ළඟාකර ගැනීමට සහ පවත්වා ගැනීමට අප විසින් විසඳිය යුතු අභියෝග කිහිපයකට ම මුහුණ දීමට ශ්‍රී ලංකාවට සිදුව තිබේ. මෙම අභියෝග අපගේ ප්‍රතිපත්ති සම්පාදකයෝ හොඳින් දනිති.

ධම්මික පෙරේරා

රාජ්‍ය සහ පෞද්ගලික අංශය ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් මැදිහත්වීම් කිහිපයක්ම සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා මම ඉකුත් වසර කිහිපය තුළ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සමඟ එක්ව කටයුතු කළෙමි. ඇතුළත්භාවයෙන් යුතු ආර්ථික වර්ධනයක් (inclusive economic growth) සඳහා වූ උපායමාර්ග ධාවකය විය යුත්තේ මානව ප්‍රාග්ධනය බවත්, එය මැදි ආදායම් ලබන රටක් වශයෙන් තරඟකාරී වීමට සහ එම තරඟකාරීබවෙහි රැඳී සිටීමට ශ්‍රී ලංකාවට රුකුලක් වනු ඇති බවත් ඔහු සිය වෘත්තීය ජීවිතයේ ඉතා මුල් අවදියකදී හඳුනා ගත්තේය. රාජ්‍ය අංශයේ ඵලදායීතාව වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා ජාතික මානව සම්පත් සංවර්ධන සභාව (NHRDC) ද සමඟ එක්ව සංවිධානය කරන ලද විවිධ වූ මානව සම්පත් මැදිහත්වීම් රාශියක් මඟින්, රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකෙන්ම ඔහු ලබාගත් දැනුම සහ ප්‍රවීණත්වය බෙදාගැනීම සඳහා ඔහු කළ කැපවීම මනාව විදහා පෑවේය.

එබැවින්, ඔහු ධම්මික සහ ප්‍රිසිලා පදනමේ (Dhammika and Priscilla Foundation) DP Education අංශය විවෘත කිරීම අරුමයට කරුණක් නොවීය. දහස් ගණනකට ඵලදායී ජීවිතයක් ගත කිරීමට සහ සිය දිළිඳුකමින් මිදීමට අවස්ථාව සැලසීම සඳහා ජාත්‍යන්තර පදනම් කිහිපයක්ම විසින් පෙන්වා දී ඇති ආදර්ශය ඔහු මෙහිදී අනුගමනය කර ඇත. සීමිත සම්පත් සඳහා සීමිත ප්‍රවේශයක් ඇති අයට පාසලේදී, වෘත්තීය අධ්‍යාපනයේදී සහ සිය විශ්වවිද්‍යාල ජීවිතය තුළ සාර්ථක කරගැනීමට අවශ්‍ය අධ්‍යාපන අවස්ථා සහ දැනුම සඳහා ප්‍රවේශය ලබා ගැනීමට DP Education නිසැකවම උපකාරී වනු ඇත. ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනයේ සමස්ත ගුණාත්මකභාවය ඉහළ නැංවීම අභියෝගාත්මක කාර්යයකි. මේ සම්බන්ධයෙන් විවිධ රජයන්වලට ඉදිරිපත් කළ ඇති වාර්තා කිහිපයක් ම ඇති මුත්, සීමිත ප්‍රගතියක් ලබා ඇතිබව කිව යුතුය.

DP Education හි වැදගත්කම

මෙහි නිර්මාතෘට අනුව, DP Education විසින් දියත් කළ මාර්ගගත අධ්‍යාපන වැඩපිළිවෙල, මාර්ගගත අධ්‍යාපනය නොමිලේ ලබාගත හැකි ප්‍රවේශයකි. DP Education යනු පළමුවරට බිහිවූ සිසුසිසුවියන්ට නොමිලේ මාර්ගගත අධ්‍යයනය කිරීමට සම්පූර්ණ පාසල් විෂයය නිර්දේශ ලබා ගත හැකි වේදිකාවකි. උසස් මට්ටමේ ඉගැන්වීමේ ගුණාත්මකභාවය සහ අන්තර්ගතයන් අඛණ්ඩව ලබා දීමෙහි ලා ශ්‍රී ලංකාව මුහුණ පා ඇති අභියෝග සැලකිල්ලට ගනිමින්, බෙදාහැරීමේ හා ස්ථායීතාවය පිළිබඳව පවතින පරතරය පියවා ගැනීමට මෙම වේදිකාව නිසැකවම උපකාරී වනු ඇත. මොරටුව විශ්ව විද්‍යාලය, DP Education සහ ශ්‍රී ලංකා පරිගණක සංගමය ඒකාබද්ධව මෙරට පළමු සහ එකම නොමිලේ මාර්ගගත මෘදුකාංග ඉංජිනේරු පාඨමාලාව හඳුන්වා දී ඇති බව FT පුවත්පත අද වාර්තා කරයි. මෙම තොරතුරු තාක්ෂණ පාඨමාලාව අ.පො.ස සාමන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුසිසුවියන් සහ සියලුම තොරතුරු තාක්ෂණ උපාධි අපේක්ෂකයන් සඳහා ඉලක්ක කර ඇත. මෙම නවතම මුලපිරීම කාලෝචිත මෙන්ම ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කුසලතා සංචිතය ශක්තිමත් කිරීමට සහ වර්ධනය කිරීමට ඉවහල් වේ.

අනාගතය

සිය අපනයන පදනම් වඩාත් දැඩි අන්දමින් ගොඩනඟා ගැනීමට වෙරදරන ශ්‍රී ලංකාව වැනි නැඟීඑන රටවලට එම ක්ෂේත්‍රයේ වැඩකිරීමට විශාල පිරිසක් සූදානම් කිරීමට අවශ්‍ය වනු ඇත. කෙසේවෙතත්, ආයෝජනවල වටිනාකම උපරිම කරගැනීමට නම්, අපගේ වත්මන් කුසලතා වල පවතින හිදැස්, නැඟීඑන කුසලතා වල පවතින හිඟය සහ වෙළඳාම සහ ව්‍යාපාර කෙරෙහි ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ආසේචනයේ බලපෑම අවබෝධ කර ගත යුතුය. එබැවින්, අධ්‍යාපනය වෙනුවෙන් අප දැන් කරන ආයෝජන අපේ අනාගත සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වනු ඇත. ඉදිරියට තවත් මැදිහත්වීම් සහ සහයෝගීතාවයන් කිහිපයක් ගොඩනඟා ගැනීම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනික ජයග්‍රහණයන් වේගවත් කිරීමට උපකාරී වනු ඇත.

‘අඳුරට ශාප කරනවාට වඩා ඉටිපන්දමක් දැල්වීම යහපති’ යන දර්ශනය ධම්මික පෙරේරා සිය අවසන් විග්‍රහය තුළ මනාව ප්‍රදර්ශනය කර ඇත. ජනප්‍රිය චීන හිතෝපදේශයක් වන මෙහි අරුත නම්, යම් ගැටළුවක් පිළිබඳව පැමිණිලි කරනවාට වඩා ඒ වෙනුවෙන් යමක් කිරීම වඩා යෝග්‍යය යන්නයි. ඔහුගේ මැදිහත්වීම, ලාභය-මත පමණක් ක්‍රියාත්මක වන, සහ ඇතැමුන්ගේ ආත්මාර්ථකාමී සහ පහත් ක්‍රියාවන් නිසා සමස්ත පෞද්ගලික අංශයම ලාභය මත පමණක් පදනම් වූවක් යැයි හංවඩු ගැසෙන ශ්‍රී ලංකාවේ ව්‍යාපාර අංශයට දීප්තිමත් ආදර්ශයකි.

*දිනේෂ් වීරක්කොඩි විසින් DailyFT වෙබ් අඩවියේ පළකරන ලද DP Education a shining example for corporate Lanka ලිපියේ පරිවර්තනයකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan