*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

අද ප්‍රශ්න රැසකට හේතුව පෙර රජයේ වැරදි – – ජනපතිගේ තක්සේරුව

රට පාලනයේදී ජනතාවගේ නිදහස සහ අපේක්ෂා තහවුරු කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයෙන් බැහැර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එහෙත් ඉන් ලැබෙන නිදහස වැරදි ලෙස පාවිච්චි නොකරන්නැයි ජනාධිපතිවරයා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියි.

මහවැලි රන්බිම ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ වැඩසටහනේ අද (26) පෙරවරුවේ ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ පැවති සමාරම්භක උත්සවය අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

විදේශ විනිමය නොමැතිවීම වර්තමානයේ මුහුණ දීමට සිදුව ඇති ප්‍රධාන ගැටළුවක් වන අතර කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක හා විදෙස් රැකියා වලින් ලැබෙන විනිමය අහිමි වීම ඊට ප්‍රධාන හේතුවක් බවයි ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

පෙර රජයන් ගත් ණය පොළී සමඟ ගෙවීමට සිදුව තිබෙන බවත් මේ ගැටලු තමාගේ හෝ රජයේ වැරදි මත සිදු වූවක් නොවන බවත් හෙතෙම අවධාරණය කරයි.

පවතින අභියෝග සඳහා මුහුණ දීමට විපක්ෂයත්,ජනතාවත්,රජයත් එක්ව වැඩ කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා තවදුරටත් පැවසුවේ කඩාකප්පල්කාරී වැඩවර්ජන,බොරු ප්‍රචාර ගෙන යාම වගකිව යුතු කිසිදු පාර්ශවයකින් අපේක්ෂා නොකරන බවයි.

රජයේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නිරවුල් බිමක හිමිකම ජනතාවට උරුම කර දීම උදෙසා රන්බිම ඔප්පු වැඩසටහන ක්‍රියාත්මක ය. මේ වසරේ නිරවුල් ඔප්පු ලක්ෂයක් බෙදා දීමට සැලසුම් කර තිබේ.

පළමු අදියර යටතේ නිරවුල් කළ ඔප්පු 35,000ක් මහවැලි කලාප 10ක ගොවි ජනතාවට ප්‍රදානය කෙරේ.

ලබන වසර අවසන් වීමට පෙර මහවැලි ප්‍රදේශවල වෙසෙන ගොවි ජනතාවගේ සියලු ම ඉඩම් ඔප්පු බෙදා අවසන් කිරීමට සැලසුම් කර තිබේ. ඉඩමේ නීත්‍යානුකූල අයිතිය ලැබීමෙන් පවුලේ සාමාජිකයන්ට උරුමය පැවරීම, සුරැකුමක් ලෙස මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කිරීමේ හැකියාව ඇතුළු අවස්ථා රැසක් හිමිකරුවන්ට උදා වේ.

රන්බිම ඔප්පු ප්‍රදානය සංකේතවත් කරමින් 30දෙනෙකු සඳහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතින් ඔප්පු ප්‍රදානය කෙරිණ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan