රුසියාවට එරෙහිව අමෙරිකාවෙන් නව සම්බාධක 500ක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 26 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ මරණය සහ යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියාවට එරෙහිව නව සම්බාධක 500කට වැඩි ප්‍රමාණයක් අමෙරිකාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ, රුසියාවේ ප්‍රධාන කාඩ් පත් ගෙවීම් ක්‍රමය, මූල්‍ය හා හමුදා ආයතන සහ නවාල්නි සිරගත කළ බන්ධනාගාර නිලධාරීන් නව සම්බාධකවලට ලක් වී ඇති බවයි.

වැඩිදුරටත් වාර්තා වන්නේ, පසුගිය සතියේ බන්ධනාගාරයේදී රුසියානු විපක්ෂ නායක හදිසියේම මිය යෑමත් සමඟ රුසියාවට නව සම්බාධක පැනවීමට අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් පියවර ගත් බවත්, නව සම්බාධක යටතේ අපනයන සීමා කිරීම්වලට මුහුණ දෙන සමාගම් සහ එහි නිලධාරින් 100කට ආසන්න සංඛ්‍යාවක් ලැයිස්තුගත කළ බවත් ය.

අමෙරිකාවේ නව සම්බාධක හේතුවෙන් රුසියාව සහ ඉරානය අතර ඇති ආරක්ෂක ගිවිසුම්, බලශක්ති දියුණු කිරීමේ සැලසුම් සහ ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් වන එකඟතා සඳහා දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...