නාමල් රාජපක්ෂව පාවාදෙන්න ගිය නිමල් පෙරේරාටත් ලෙඩක් වැටෙන ලකුණු ?

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව ඊයේ (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවලා තිබුණා. ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර් බස් වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමකදී සිදුවූ අයථා මුදල් ගනුදෙනුවක් ගැන ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා.

ඊයේ දවස නිවාඩු දවසක් නිසා එහිදී නාමල් රාජපක්ෂව අත් අඩංගුවට අරගෙන, මහේස්ත්‍රාත්වරයකුට ඉදිරිපත් කරලා, රිමාන්ඩ් කරයි කියලා තමයි මුලින් ආරංචිය පැතිරිලා තිබුණෙ. නමුත් එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ, නාමල් රාජපක්ෂ පැය 5ක විතර කාලයක් තිස්සේ ප්‍රකාශයක් ලබාදීලා CID එකෙන් පිටව ගොස් තිබුණා.

ආරංචිමාර්ගවල හැටියට ඔතැනදී සිද්ධ වෙලා තියෙන්නේ මෙහෙම දෙයක් …,

ඔය එයාර් බස් ගනුදෙනුවට අදාළව නාමල් රාජපක්ෂගෙන් ප්‍රශ්න කෙරෙන්නේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන නිමල් පෙරේරා CID එකට ලබාදුන් ප්‍රකාශයක් පදනම් කරගෙන කියලා අපි මීට කලින් LNW ගොසිප් හරහා කිව්වා. ඔය ගනුදෙනුවේදී හුවමාරු වුණු මුදලක් නිමල් පෙරේරාගේ ගිණුමකට ඇවිත් ඔහු ඒක නාමල් රාජපක්ෂට දුන්නා කියලා ඒ ප්‍රකාශයේ තියෙනවා ලු. ඔය ගැන තමයි නාමල්ගෙන් ප්‍රශ්න කෙරෙන්නේ.

හැබැයි ඔතන ප්‍රශ්න කිහිපයක් තියෙනවා ලු. හොංකොං රාජ්‍යයේ තියෙන නිමල් පෙරේරාගේ ගිණුමකට ආපු මුදලක් මෙහෙම ශ්‍රී ලංකාවේදී නාමල් රාජපක්ෂට දුන්නාය කිව්වාට නිමල් පෙරේරා ඒ මුදල නීත්‍යානුකූලව මෙරටට ගෙනාපු ක්‍රමයක් පෙනෙන්න නැති ලු.

ඒ වගේම ඔය මුදල් ගන්න ආපු නාමල් රාජපක්ෂගේ වාහනයක් ගැනත් ඒ ප්‍රකාශයේ තියෙනවා ලු. හැබැයි නාමල් රාජපක්ෂ ඒ වාහනය අරන් තියෙන්නේ ඔය ප්‍රකාශයේ කියලා තියෙන දින වකවානුවලට පස්සෙ ලු.

ඉතින් නාමල් රාජපක්ෂගේ පාර්ශ්වය ඔය තත්වයන් උඩ නිමල් පෙරේරාට විරුද්ධව මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න සූදානමින් ඉන්නවා කියලා ආරංචියි. එහෙම වුණොත් නාමල්ව පාවාදෙන්න ගිය නිමල් පෙරේරාටත් ලෙඩක් වැටෙන තත්වයක් තමයි ලු තියෙන්නේ.

වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න …..

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...