*
Thursday, February 27, 2025
spot_img

Latest Posts

ට්‍රම්ප්ගේ සිහින ගාසාව!

සටහන – පුලී
පෙබරවාරි 27, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

“Gaza 2025… What’s Next?”
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ යෝජිත සැලැස්මක් යටතේ අනාගතයේ ගාසා තීරයේ දර්ශනයක් ලෙස දක්වමින් AI-උත්පාදිත වීඩියෝවක් සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ප්‍රචාරය කරන්නට විය.


ට්‍රම්ප් කිසිදු අදහස් දැක්වීමකින් තොරව බෙදාගත් මෙම AI වීඩියෝව තුළ යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශය මෙන්ම වෙරළ තීරය ඩුබායිහි මෙන් අහස උසට ගොඩනැගිලි, සුඛෝපභෝගී යාත්‍රා සහ මිනිසුන් සාද පවත්වමින් එම ප්‍රදේශය මැද පෙරදිග පාරාදීසයක් බවට පරිවර්තනය වී තිබීම ඉන් අඟවයි.

එයට “ට්‍රම්ප් ගාසා” නමින් කුළුණක් සහ එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ යෝධ රන් පිළිමයක් ද ඇතුළත් වන අතර සිහිවටන තෑගි සාප්පු වල එම යෝධ පිළිමයේ අනුරූ විකිණීමට ද තබා තිබීම ව්‍යංග්‍යර්ථයෙන් ට්‍රම්ප්ගේ යටත් විජිත පාරාදීසයක් මවා පෙන්වයි.


ළමයෙකු ජනාධිපතිවරයාගේ හිස සහිත දැවැන්ත රන් බැලූනයක් අතැතිව වීදියක ඇවිද යන අයුරු ද එහි විය.

එපමණක් නොව ට්‍රම්ප්ගේ මනෝභාවය උඩු දුවන අඬ නිරුවත් ඇඳුම් හැඳපැළඳ ගත් බෙලී නර්තන ශිල්පිනියෙකු සමඟ ද ඔහු බාර් එකක නටන අයුරු මෙන්ම, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ හිරු බැස යන සැදෑවක තටාකයක් අසල කොක්ටේල් එකක් තොලගාන අයුරුද එහි විය.

ට්‍රම්ප්ගේ දකුණු අත වන ඊලෝන් මස්ක් ද එහි කිහිප වතාවක්ම දර්ශනවල පෙනී සිටිනු දක්නට ලැබිණි. X, Tesla සහ SpaceX හි ප්‍රකෝටිපති ලොක්කා රජයේ වියදම් කපා හැරීමේ වගකීම පැවරී ඇති එක්සත් ජනපද රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව (DOGE) ද මෙහෙයවන ඔහු කිසිදු බරක් නොගෙන මිනිසුන්ට ඩොලර් විසි කරමින් සිටීම දැකීමම හරිම අගනේය.

“Donald’s coming to set you free, bringing the light for all to see, no more tunnels, no more fear: Trump Gaza’s finally here.

“Trump Gaza’s shining bright, golden future, a brand new life.

“Feast and dance the deal is done, Trump Gaza number one.”

යන පද ඇමිනුමෙන් මෙම වීඩියෝව පුරා ට්‍රම්ප්ගේ පම්පෝරිය අසන්නට පුළුවන.

ට්‍රම්ප් ඊශ්‍රායලය සහ හමාස් අතර යුද්ධයෙහි අවසානය කෙරෙහි අවධානය යොමු කරමින් ඔහුගේ සැලැස්ම මෙලෙස ප්‍රකාශයට පත් කළේය. ගාසාහි මිලියන දෙකක් පමණ ජනයා අසල්වැසි අරාබි රටවලට ගෙනයාම සහ මැදපෙරදිගක් දක්වා භූමිය සංවර්ධනය කිරීම එයට ඇතුළත් ය.

“මම කතා කළ සෑම කෙනෙකුම එක්සත් ජනපදයට ගාසාව අයිති කර ගැනීම, සංවර්ධනය කිරීම සහ රැකියා දහස් ගණනක් නිර්මාණය කිරීම පිළිබඳ අදහසට කැමතියි,” ට්‍රම්ප් උජාරුවෙන් පැවසුවත් ඔහුගේ මෙම සිහින මාළිගා තැනීම ගැන විවිධ අයවලුන් එය විකාරරූපී ක්‍රියාවක් බව විවේචනය කරන්නට විය.

බලයට කෑදරකමේ නලියන මේ වගේ ලෝකු ලොක්කෝ ඊට පස්සේ කෑදර වන්නේ රට රටවල් වල බලය අල්ලා ගෙන මුලු ලොවම එකම යුධ පිටියක් කිරීමේ අරමුණක් ඔලුවට කාවද්දා ගැනීම නොවේද?

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan