ඉසුරු පරාක්‍රම
පෙබරවාරි 27, කොළඹ (LNW): ශ්‍රී ලංකාව 2025 වර්ෂය තුළ සමස්ත අපනයන ආදායම ලෙස ඇ.ඩො. බිලියන 19 ක් ඉපැයීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.
ඒ අනුව, වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඇ.ඩො. බිලියන 14 ක් ද, සේවා අපනයනයෙන් ඇ.ඩො. බිලියන 4.2 ක් ද ඉපැයීමට අපේක්ෂා කරන බවයි වාර්තා වන්නේ.
මෙම වර්ෂයේ ජනවාරි මාසය තුළ පමණක් අපනයන ආදායම ඇ.ඩො. බිලියන 1.3ක් උපයා ඇති අතර, එය වසරින්-වසර (YoY) සියයට 7.5 ක ඉහළ යාමක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ දත්ත පෙන්වා දෙයි.
මෙම අපනයන ආදායම අතර, වෙළඳ භාණ්ඩ අපනයනයෙන් ඇ.ඩො. බිලියන 01 ක ආදායමක් උපයා ඇති අතර, එය වෙළඳ භාණ්ඩ අපනයනයේ සියයට 3.5 ක ඉහළ යාමක් ලෙස වාර්තා වේ. ඒ අතර, කෘෂිකාර්මික අපනයන ආදායම ඇ.ඩො. මිලියන 258.9 ලෙස සියයට 15 ක ඉහළ යාමක් වාර්තා කරන අතර, කර්මාන්ත අපනයන ඇ.ඩො. මිලියන 745.9 ලෙස සියයට 0.08 ක ඉහළ යාමක් වාර්තා කරයි.
මේ අතර, සේවා අපනයන ඇ.ඩො. මිලියන 329.4 ලෙස වසරින්-වසර සියයට 37.9 ක ඉහළ යාමක් වාර්තා කරයි.
මෙරට විශාලතම අපනයන කාණ්ඩය සේ සැලකෙන ඇඟළුම් හා රෙදිපිළි කර්මාන්තයේ ආදායම ඇ.ඩො. මිලියන 460.2 ලෙස සියයට 21.1 ක දැවැන්ත ඉහළ යාමක් වාර්තා කරයි.
තව ද, සමස්ත වෙළඳ භාණ්ඩ අපනයනයෙන් සියයට 12 ක නියෝජනයක් පවතින තේ කර්මාන්තයේ ආදායම ඇ.ඩො. මිලියන 112.7 ලෙස වසරින්-වසර සියයට 2.6 ක ඉහළ යාමක් වාර්තා කරයි. එමෙන් ම, අසුරන ලද තේ අලෙවියේ සියයට 29.8 ක ඉහළ යාමක් වාර්තා වේ.
ඉහළ ගිය අපනයන සඳහා පොල් කර්මාන්තය ආශ්‍රිත පොල් තෙල්, ක්‍රීම්, සහ කෙඳි අපනයනයේ දායකත්වය ද ලැබී ඇති බවයා වාර්තා වන්නේ.
කෘෂි අපනයන අතර, කුළුබඩු සහ අත්‍යාවශ්‍ය තෙල්වර්ගවලින් ලද ආදායම ඇ.ඩො. මිලියන 39 දක්වා සියයට 32.9 ක ඉහළ යාමක් වාර්තා කරයි. ඉන්දියාව සහ සවුදි අරාබිය වෙත ගම්මිරිස් සහ කරාබු නැටි අපනයනය කිරීම මත මෙම ඉහළ යාම වාර්තා වේ. තව ද, දියමන්ති, මැණික් හා ස්වර්ණාභරණ අපනයනයේ ද සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා කරන අතර, එක්සත් ජනපදය සහ යුරෝපීය වෙළඳපොල ඉල්ලුම මත එය ඇ.ඩො. මිලියන 42.3 දක්වා සියයට 28.2 ක ඉහළ යාමක් පෙන්නුම් කරයි.
කෙසේවෙතත්, අපනයන අංශයේ සියලු ක්ෂේත්‍රවල මෙම වර්ධනය පෙන්නුම් කරන්නේ ද නැත. රබර් නිශ්පාදන අපනයනයේ ඇ.ඩො. මිලියන 75.1 දක්වා වසරින්-වසර සියයට 8.2 ක පහත යාමක් නිරීක්ෂණයකළ හැකි අතර, මුහුදු ආහාර අපනයනවල සියයට 23.2 ක පහත වැටීමක් නිරීක්ෂණයකළ හැකි ය. මුහුදු අපනයනවල පහත වැටීමට නැවුම් මාලු සහ ඉස්සන් සඳහා ඇති ඉල්ලුම පහත වැටී තිබීම හේතු වී ඇති බව සඳහන්.
මේ අතර, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපාංග අපනයනයේ ද වසරින්-වසර සියයට 9 ක ට ආසන්න පහත වැටීමක් නිරීක්ෂණයකළ හැකි ය.
අපනයන වෙළඳාම තුළ එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ ඉහළම ඉල්ලුමක් පවතින වෙළඳපොල ලෙස ඉදිරියෙන් සිටින අතර, සමස්ත වෙළඳ අපනයනවලින් සියයට 23 ක් එක්සත් ජනපද වෙළඳපොල සඳහා වෙන් වී තිබේ. තව ද, එක්සත් ජනපද වෙළඳපොල සඳහා නැව්ගත කිරීම්වලින් ඇ.ඩො. මිලියන 260.2 ලෙස සියයට 18 ක ආදායම් ඉහළ යාමක් වාර්තා වේ.
අපනයන ඉල්ලුම අතින් දෙවන ස්ථානයට පත්වන්නේ ඉන්දියාව වන අතර, එරටට සිදුකෙරෙන අපනයන ඇ.ඩො. මිලියන 81.9 ලෙස සියයට 43.9 ක වර්ධනයක් පෙන්නුම් කරයි. ගම්මිරිස් සඳහා පවතින දැඩි ඉල්ලුම මීට ප්‍රධාන හේතු සාධකය වී තිබේ.
මේ අතර, සමස්ත අපනයනවලින් හතරෙන් එකක පමණ ප්‍රමාණයක් සඳහා ඉල්ලුම පවතින යුරෝපා සංගමයේ වෙළඳපොල තුළ අපනයන ආදායම ඇ.ඩො. මිලියන 227.2 දක්වා සියයට 16.3 ක ඉහළ යාමක් පෙන්නුම් කරයි.
2024 වර්ෂයේ සිට 2025 වර්ෂය දක්වා පැමිණෙන විට, වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇ.ඩො. බිලියන 12.7 සිට ඇ.ඩො. බිලියන 14 දක්වා ද, සේවා අපනයන ඇ.ඩො. බිලියන 3.5 සිට ඇ.ඩො. බිලියන 4.2 දක්වා ද ඉහළ යවා ගැනීමටයි රජය අපේක්ෂා කරන්නේ.
2030 වන විට අපනයන ආදායම ඇ.ඩො. බිලියන 36 (භාණ්ඩ ඇ.ඩො. බිලියන 25; සේවා ඇ.ඩො. බිලියන 11) දක්වා ඉහළ දමා ගැනීම සඳහා පවතින පංච-වාර්ෂික සැලැස්මේ කොටසක් ලෙස මෙම ඉලක්කය සාක්ෂාත්කර ගැනීමට අපේක්ෂා කරයි.
