සසරක් කතා කළ හැකි වසන්තයක් නිහඬ විය

සටහන – නිශ්මං රණසිංහ
පෙබරවාරි 27,(LNW)කොළඹ :

ඔහු සැබවින්ම කලාකරුවෙකු විය.එසේම කලාවට ලැදි බොහෝ අයට මග කියූ ගුරුවරයෙකුද විය.රසවතෙකු ලෙස ඔහු බොහෝ අයගේ වැඩ වෙහෙස නිවූ අපූරු කතාකරුවෙකු ද විය.තව බොහෝ කල් සිටියානම් බොහෝ දේ කරන්නට හැකි තරමට ඔහුට අලුත්වීමේ හැකියාවක් සහ උවමනාවක් ද තිබිණ.ඒ නිසා වසන්ත විට්ටච්චි යනු තව කල් සිටිය යුතුව තිබුණු මිනිසෙකි.විසල් රුකක් මෙන්,පසු පරම්පරා කිහිපයකට සෙවණ දුන් මිනිසෙකි.


යන විට නවතාගන්න නොහැකි ගමණට එක්වන වසන්ත විට්ටච්චි සහෝදරයාට අපි අපේ මුළු හදවතින්ම ගෞරවණීය ආචාරය පුද කරන්නෙමු.ඔහු වෙනුවෙන් සහෘදයන් එක්ව සංවිධානය කළ අපූරු උළෙලක් මෙන්ම ග්‍රන්ථයක්ද පසුගිය කාලයේ එළි දක්වන්ට යෙදිණ.වසන්තට දවසක් වූ ඒ උළෙල ගැන අපේ සටහන වූයේ වසන්තට දවසක් ඇද්ද යන්නය.ඔහු නික්ම යන මොහොතේද වසන්තට දවසක් ඇද්ද යන්න අපි අසන්නෙමු.ඔහු, දවසක් නොව සසරක් කතා කරන්නට දේවල් ඉතුරු කර තිබෙන සොඳුරු කලාකරුවෙකු මෙන්ම මානව හිතවාදී මනුස්සෙකි.
සුබ ගමන් සුමිතුර!


වසන්තට දවසක් සම්බන්ධයෙන් අප ලිවූ සටහනට පහතින් පිවිසෙන්න.


https://sinhala.lankanewsweb.net/03/29/11778/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...

FIFA ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛ පෙළේ පාපන්දු ලීගයන්ගෙන් බලපෑම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : ලෝක කුසලාන තරඟාවලියේ...

කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා

"මගේ දියණිය ඉන්දිරා මගේ දේහයට රැගෙන අදට හරියටම අවුරුදු...