දියවැඩියා සහ හෘද රෝගී ප්‍රතිකාර වෙනුවෙන් කැබිනට් අනුමැතීන් දෙකක්!

කොළඹ LNW:දියවැඩියා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා භාවිත කෙරෙන බයිපසික් අයිසොෆේන් ඉන්සියුලින් එන්නත් (මිනිස්) බීපී 1,000 අයියු, මිලිලීටර 10 (30% ද්‍රාව්‍ය 70% අයිසොෆේන්) වයල් 2,700,000ක් සැපයීමේ ප්‍රසම්පාදනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ලංසු 02ක් ලැබී ඇති අතර එම ලංසු ඇගයීමෙන් අනතුරුව, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක එකම ලංසුකරු වන ඉන්දියාවේ ‘M.J. Biopharm Private Limited’ සමාගම වෙත මෙම ප්‍රසම්පාදනය පිරිනැමීමට තීරණය කර ඇත.

එලෙස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත්තේ පිරිවැය සහ ගැල් කූලී මිල ඇතුළත්ව අමෙරිකානු ඩොලර් මිලියන 4.293ක මුදලකට අදාළ ඖෂධ තොගය සැපයීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකටය.

මේ අතර හෘද රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා යොදා ගන්නා එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4,000 අයියු/මිලිලීටර 0.4 පෙර පුරවා ඇති එන්නත් හෝ වයල් 920,000ක් සැපයීමේ ප්‍රසම්පාදනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙම ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ලංසු 07ක් ඉදිරිපත් වී ඇත.

එම ලංසු ඇගයීමෙන් පසු, ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු වූ චීනයේ ‘Shenzhen Techdow Pharmaceutical Co. Ltd’ සමාගම වෙත මෙම ප්‍රසම්පාදනය පිරිනැමීමට තීරණය කර ඇත.

පිරිවැය සහ ගැල් කූලී මිල ඇතුළත්ව අමෙරිකානු ඩොලර් 828,000ක මුදලකට අදාළ ඖෂධ තොගය සැපයීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට එලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

breaking : “ඉන්දියානු සාගරයේ ප්‍රබල භූ චලනයක්”..

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW: ඉන්දියානු සාගරයේ මොරිෂස් සහ...

බංග්ලාදේශ දේශපාලනය හොල්ලන Sheikh Hasinaගේ ආපසු පැමිණීම…

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW: දකුණු ආසියානු භූදේශපාලනික කරළිය...

පුත්තලම රෝහල වැඩිදියුණු කිරීමට ඉන්දියාවෙන් රු. මි.600ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW: පුත්තලම මූලික රෝහලේ නව...

ශ්‍රී ලංකා රේගුවේ අලුත්ම සූදානම : එක්සත් රාජධානියෙන් තාක්ෂණික සහායත්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 24, කොළඹ LNW: රේගු මෙහෙයුම් සහ වෙළඳ...