රෂිකා හෙන්නායක පෙබරවාරි 27, කොළඹ LNW :
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතර දේශසීමා ගැටුම් උත්සන්න වීම හේතුවෙන් දෙරට අතර ප්‍රබල යුධමය තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
පාකිස්තාන ගුවන් හමුදාව විසින් කාබුල් සහ කන්දහාර් වැනි ප්‍රධාන ඇෆ්ගන් නගර වෙත ප්‍රහාර එල්ල කර ඇති අතර, තලේබාන් පාලනය ද ඊට ප්‍රතිචාර දක්වමින් සිටියි.
දෙපාර්ශවයම එකිනෙකාට දැඩි හානි සිදුකළ බවට ප්‍රකාශ කරන අතර, දේශසීමා ආසන්නයේ වෙසෙන සිවිල් වැසියන්ගේ ආරක්ෂාව පිළිබඳව ජාත්‍යන්තරය දැඩි අවධානයක් යොමු කර ඇත.
රුසියාව, ඉරානය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වී මෙම ප්‍රචණ්ඩත්වය නවත්වා රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට එළඹෙන ලෙස දෙරටෙන්ම ඉල්ලා සිටියි.
වසර ගණනාවක් පුරා පැවති දේශසීමා ආරවුල් සහ ත්‍රස්තවාදී චෝදනා මෙම සෘජු හමුදාමය ගැටුම දක්වා වර්ධනය වී ඇති බව මෙහි වැඩිදුරටත් සඳහන් වේ.
මෙම තත්ත්වය කලාපීය ස්ථාවරත්වයට දැඩි බලපෑමක් එල්ල කරන බව පැහැදිලි වේ.


