*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 02/27

  1. 2022 මැයි 09 වන දින හටගත් සිදුවීම් මැඩපැවැත්වීමට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබා දුන් නියෝග සහ ආරක්ෂක ලෙක්ම් කමල් ගුණරත්න විසින් ලබා දුන් නියෝග හිටපු වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් පිළිපැද නැති බව එම සිදුවීම් විමර්ශනය කිරීම සඳහා පත්කළ විශේෂ කමිටුව පවසයි – මෙය චේතාන්විත වගකීම් පැහැර හැරීමක් බව ද නිගමනය කරයි – එහි ප්‍රතිඵලයක් ලෙස මහජන දේපළ සහ පුද්ගල හානි වළක්වා ගැනීමට බිම්මට්ටමේ සිටි බලකා අසමත් වූ බව ද නිගමනය කරයි.
  2. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉල්ලා අස්වන බවට පළවන වාර්තාවල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව ආග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි – කිසිඳු පක්ෂයක් විසින් එවන් ඉල්ලීමක් සිදුකර නැති බව ද පවසයි.
  3. කොළඹ පුරහල අසල ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ විරෝධතා පාගමන විසුරුවා හැරීමට පොලීසිය කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර දියත් කරයි – මෙහිදී ඇතිවූ නොසන්සුන්තා මත තුවාල ලැබූ පුද්ගලයන් 28 දෙනෙකු රෝහල්ගත කර තිබේ.
  4. ශ්‍රී ලංකාවේ ණය යෝජනාවට අදාළව, “පොදු” රාමුවක් යටතේ “කාලෝචිත සහ විධිමත් ක්‍රියාවලීන්ට” යටත්ව වැඩසටහනක් දියත් කරන මෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඉල්ලා සිටියි – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව, ණයබරින් පීඩා විඳින රටවල් විසින් දියත් කර ඇති ඕනෑම “පොදු” ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියකින්ම ඉවත්ව ගොස් ඇති බව විශ්ලේෂකයන්ගේ මතයයි.
  5. එළඹෙන අප්‍රේල් මැද කාලසීමාව වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මණ්ඩලය විසින් අනුමත කරන ලද ඇ.ඩො. බිලියන 2.9 ක ණය පහසුකම ලබා ගැනීම සඳහා වැදගත් වන ණය ප්‍රතිව්‍යූහගතකරණයට අවශ්‍ය ද්වීපාර්ශ්වික ණය හිමියන්ගේ සහතිකය ලබා ගත හැකි වනු ඇති බවට මුදල් අමාත්‍යංශ ආරංචිමාර්ග විශ්වාසය පළ කරයි – වත්මන් ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙල හරහා ද්වීපාර්ශ්වික ණය පියවීම පමණක් සිදුවන අතර, දිගු කාලීන බහුපාර්ශ්වික ණය පියවීමන් සිදු නොවනු ඇත – මේ වන විට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පතා සති 50 ක් ගතව තිබේ.
  6. තමා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිධුරයෙන් ඉල්ලා අස්වන බව සමඟි ජන බලවේගයේ පා.ම. මයන්ත දිසානායක විසින් දැනුම් දුන් බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර පවසයි – එවන් තීරණයන් පිළිබඳව මයන්ත දිසානායක මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවට මෙතෙක් දැනුම් දීමක් සිදුකර නැති බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පවසයි.
  7. බදු සහනයක් අපේක්ෂාවෙන් වෘත්තිකයන් නියෝජනය කරන වෘත්තීය සමිති 40 ක් විසින් ඉදිරිපත් කළ ඉල්ලීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉවත දමයි – මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා පැවැත්වෙන බැවින්, බදු සහන ලබා දීමට තීරණයක් ගත නොහැකි බව පවසයි – මීට අදාළව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ද මැදිහත්වීම් සිදුකරති.
  8. මධ්‍යම අධිවේගී මාර්ගයේ කටයුතු කඩිනම් කරන මෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් විධානයක් නිකුත් කර තිබියදීත්, ඊට අදාළ ආයෝජකයන් ලබා ගැනීමේ අරගලයක මාර්ග සංවර්ධන අධිකාරිය පසුවෙයි – බංකොලොත් ශ්‍රී ලංකාව පිළිබඳ බරපතල ලෙස ආයෝජක විශ්වාසය බිඳී ගොස් තිබීම හමුවේ ආයෝජකයන් සොයා ගැනීම අභියෝගයක් වී ඇති බව එම අධිකාරිය පවසයි.
  9. පළාත් පාලන මැතිවරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බව ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කිරීම අතිශය අභූත ප්‍රකාශයක් බව දෙමළ ජාතික සන්ධානයේ පා.ම. එම්.ඒ. සුමන්දිරන් පවසයි – මීට අදාළව සියලු නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, නාමයෝජනා ගොනු කර ඇති බවත්, මූලික වියදම් සඳහා රු. මිලියන 100 ක් භාණ්ඩාගාරය විසින් නිකුත් කර ඇති බවත්, එක්සත් ජාතික පක්ෂය පවා තම නාමයෝජනා භාර දී දේශපාලන ව්‍යාපාර ආරම්භ කර ඇති බවත් සිහිපත් කරයි.
  10. වෛද්‍ය අංශයට කඩිනමින් විදේශ විනිමය ලබා දීමට රජය කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි – ඖෂධ හිඟයට පිළියම් යෙදීම සඳහා රජය ඉන්දියානු ණය පහසුකම භාවිතා කරන බව ද පවසයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan