විවිධ උපායඋපක්‍රම බාවිතා කරමින් සිදුකරන මැතිවරණ කල් දැමීම වූකලී ප්‍රජාතන්ත්‍රවාදය හකුලා දමමින් යන රනිල්ගේ ඒකාධිපති ගමනේම කොටසක් ලෙස විපක්ෂය සහ විපක්ෂ බලවේග විසින් මේ මොහොතේ අර්තකතනය කරගනිමින් සිටී. උක්ත පසුබිම තුල මේ මොහොතේ ලාංකීය බූමියට ප්‍රජාතන්ත්‍රවාදී බූමිකාවන් අදාලවෙන්නේ කෙසේද යන්න සහ මැතිවරණ ක්‍රියාවලිය එකී ප්‍රජාතන්ත්‍රවාදයට අදාලවන්නේ කෙසේදැයි යන්න පිළිඹඳව සැකෙවින් හා තරමක් ගැඹුරින් විශ්ලේෂණය කිරීමට මෙහිදී මම අදහස් කරමි.
මාක්ස්ට අනුව සමාජ දේශපාලන කාරනා සියල්ල තීරණය කෙරෙන්නේ ආර්ථික කාරනාව විසිනි. ඉතිහාසය තුල වහල් හා වැඩවසම් අවධීන් එලැඹෙන්නේද ඉතිහාසය විසින් ඒවා පසුකර යන්නේද අනතුරුව මිනිස් ශිෂ්ඨාචාරය ප්‍රජාතන්ත්‍රවාදී සන්ධර්බයකට පිවිසෙන්නේද ඉතිහාස නිශ්පාදන බලවේගවල සහ ඒ හා බැඳුනු මිනිස් සඹඳතාවල ප්‍රගමනයේ හේතුව විසිනි.
මේ කරුන පැහැදිලි කරගැනීම සඳහා අපි මෑත කාලීන ඉතිහාසය මදක් විමර්ශනය කර බලමු.
කම්කරුවන්ට පැය අටක වැඩ මුරය ලැබිමට පෙර කම්කරුවන් සඳහා පූර්වයෙන් නියමිතව තිබූ දවසේ වැඩ කාලය පැය දොලහකි. මෙහිදී මෙකී දිනයක වැඩ කාලය පැය දොලහේ සිට පැය අට දක්වා අඩු කිරීමට කම්කරු අරගලය හේතුවූ බව කවුරුත් කතාකරන ජනපිය කතාව වේ. නමුත් ඊට පෙර උද්වේගකර කම්කරු අරගල නොතිබිනිද? උක්ත කාර්තුව තුලදීම පැය දොලහ පැය අට වූයේ කෙසේද? හේතුව මේකී කාර්තුව තුල නිශ්පාදන බලවේගවල හා ධනවාදි ආර්ථිකයේ සිදුවූ මහා වර්ධනයයි. එහිදී පැය දොලහක වැඩ කොටස පැය අටකින් නිමකරවාගත හැකිවන පරිදි යන්ත්‍රෝපකරණවල හා ශ්‍රමයේ පලදායිතාවය වැඩිවිය. මෙහිදී නිශ්පාදන බලවේගවල ප්‍රගමනයක් සිදු නොවූ මොහොතක පැය දොලහක වැඩ මුරය පැය අටක් කලේ නම් එහි අනිවාර්ය පළය සමස්ථ ආර්ථික පද්දතියම බිඳවැටීම නොහොත් බංකොලොත් වීමයි.
වර්තමාන ස්කැනේඩියානු රටවල් යනු නිරොගීම ප්‍රජාතන්ත්‍රවාදය පවතින රාජ්‍යය පද්දතියයි. අප කවුරුත් දන්නා පරිදි මෙහි විබවය ඇත්තේ ඔවුන් සතුව පවතින දැවැන්ත ආර්ථික දියුණුව තුලය.
ලොව ඕනෑම ආර්ථික සංස්ථාවක් තුල ඕනෑම මානුෂවාදයක් හෝ මොනයම් ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ අකන්ඩව පවත්වාගෙන යාමට නම් එකී සමාජ සංස්ථාව සතුව තාක්ෂණික දියුණුවක් සහ ආර්ථික අතිරික්තයක් තිබිය යුතුමය. පරාධීන ආසියාතික ලෝකය තුල නැති “ප්‍රජාතන්ත්‍රවාදය” බටහිර ලෝකය තුල පැවතීමේ වෛශයික හේතුව මෙකී ආර්ථික ආඩ්‍යත්වයේ පලයයි.
ප්‍රජාතන්ත්‍රවාදය යනු ආකර්ෂණීය මනස්කාන්ත සංකල්පයක් වන්නාසේම එය විශාල පිරිවැයක්ද දරමින් නඩත්තු කල යුතු ප්‍රපංචයක්ද වන්නේය. ඒ අනුව ආර්ථික අර්බූදය දෙගොඩ තලා යනවිට ඒ යටින් යුධ අගල් හෑරෙනු මිසක එකී අර්බූදයට ඉහලින් ප්‍රජාතන්ත්‍රවාදයේ දේදුනු පායන්නේ නැත. ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදය වූකලී දියුණු නිශ්පාදන බලවේගවල ඓතිහාසික නිශ්පාදිතයක් මිස කිසිසේත්ම අහඹු මිනිස් මැදිහත්වීම් වල පළයක් නොවේ.
මෙය සරළ කර ගැනීම සඳහා තවත් උදාහරණයක් ගත හැක, එනම් දෙවන ලෝක යුධ සමයේ ජර්මානු ආර්ථිකය බයානක ඇදවැටීමකට ලක් උනි. ඒ සමඟම එතෙක් ජර්මනිය තුල පැවති අයිඩියල් ප්‍රජාතන්ත්‍රවාදය සති කිහිපයක් තුල අහෝසිවී පෙර නොවූ විරූ කෘර ඒකාධිපතිත්වයකට ජර්මනිය ඇදවැටිනි. එහිදී කාන්තා, ළමා, කම්කරු සියළු අයිතීන් දැවී හළුවී ගොස් හිසට තුවක්කුව තබා මියෙන තුරුම මිනිසුන්ගෙන් වැඩගන්නා නව ආකාරයක වහල් සමාජයක් ජර්මනිය තුල බිහිවිය. එහිදී සිද්ධිය ගැන අපි කෙතරම් කම්පා උනද ජර්මනියේ ආර්ථික කඩාවැටීම හා එය ගොඩගත හැකි කෘර ශ්‍රම සූරාකෑම ඓන්ද්‍රීයව සමපාත වෙන්නේ මේ ඒකාධිපති මෘග වහල් ක්‍රමය හරහාම පමණි.
අපි ඊටත් එහා ඉතිහාසයෙන් උදාහරණ ගන්නේ නම් අපි කවුරුත් හොඳින් දන්නා පරිදි වැඩවසම් සමාජ සංස්ථාව තුල පුරවැසියන් සිටියේ නැත, එහි සිටියේ රජුට සහ රදළයන්ට පෑගුන යටත් වැසියන් පිරිසක් පමණි. මෙහිදී ප්‍රජා පුරවැසියන් නැති සහ ජනයා රජුට අයත් බූදලයක් වූ සමාජ සංස්ථාවක ප්‍රජාතන්ත්‍රවාදය නැමති ප්‍රපංචය පැවතිය නොහැකිය. එහි වෛශයික හේතුව ඒ යුගයේ පැවති දුර්වල හස්ත කර්මාන්ත නිශ්පාදිතය තුල රජුගේ රජසැප උදෙසා තුන්තිස් පැයේ කඹුරණ දුඛ්කිත යටත් වැසියන් පිරිසක් මිස සමාජය අතරේ පොදුවේ බෙදාගත හැකි නිශ්පාදිතයක් හෝ නිදහසක් එකි සමාජය තුල නොපැවතීමයි.
ඓතිහාසික හා මහද්වීපික ආර්ථිකයන් පිළිබඳ සාකච්චාව පසෙක තබා කුටුම්බ ආර්ථිකය දෙසට අපි එබී බැළුව හොත් මෙකී ආර්ථික සත්‍ය අපට තවත් සරළව දැක බලාගත හැකිය. ඉතාම අමාරුවෙන් ආර්ථිකය ගැටගසාගන්නා පවුලක දරුවෙකු අතින් පිඟානක් කෝපපයක් බිඳුනද එහිදී නිවසේ වැඩි හිටියන්ගේ ප්‍රතිචාරය නිරායාසයෙන්ම රළු පරළු විය හැකිය. හේතුව ඔවුන්ට නැවත එකී බාන්ඩ මිලදී ගැනීමට ඇති දුෂ්කර තාවය.හා ආර්ථික අර්බූදය හා බැඳුන ඔවුන්ගේ නූගත් කමයි. ඒ අනුවද ආර්ථිකය පතුලටම ඇදවැටුන ඕනෑම තැනක ළමා අයිතීන්,කාන්තා අයිතීන් හෝ කිසිදු කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් සක්‍රීය නොවේ.
අප අසා ඇති පරිදි විවිධ හේතූන් මත මහ මුහුදේ මාස ගනන් අතරමංවී සිටි මිනිසුන් ආහාර නොමැතිව උපරිම හාමතට පැමිණිවිට ඔවුන් සමඟ ගිය පන අදිමින් සිටි අනෙක් සගයන්ව ආහාරයට ගත් අවස්තාද තිබී ඇත. මේ තත්වයන් තුලින් පවා වැටහෙන්නේ මිනිසුන් ඔවුන්ගේ ජීවත්වීමේ සියළු කොන්දේසීන් බිඳ වැටෙද්දී මිනී මස් කන ගෝත්‍රිකයන් ගේ මට්ටමටම උවද ඇදවැටිය හැකි බවය.
මේ සියළු තත්වයන් විමර්ශනය කර බැලූ විට අපට එළඹිය හැකි නිගමනය වන්නේ විශාල බංකොලොත් අගාදයකට වැටුණු සහ තවතවත් ගිලෙමින් පවතින ලාංකීය ආර්ථික සන්දර්බය තුල “ප්‍රජාතන්ත්‍රවාදය” නැමති සබ්‍ය සංකල්පය තවතවත් හැකිලී යාමට නියමිත බවය. මෙහිදී “මැතිවරණ” යනු ප්‍රජාතන්ත්‍රවාදයේ පිට පොත්තක් පමණි. හරය දිරාපත්වූ විට පිට පොත්ත ස්වබාවම විනාශ වේ.
ඇතමෙකුට මේ තත්වය සමාජවාදී විලිරුදාවෙන් පෙලෙන විප්ලවීය තත්වයක් ලෙසද අර්ථකථනය කරගත හැකිය. නමුත් ඇත්ත තත්වය නම් අපි දැන් සාරය අහිමිවූ තෝරා ගැනීමක් නොමැති අස්තානයක අතරමංවී ඇතිබව පමණි.
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN