ජාජබ විරෝධතාවට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කළ හේතුව ගැන පොලීසියෙන් ප්‍රකාශයක්

Date:

ඊයේ (26) දිනයේදී කොළඹදී ජාතික ජන බලවේගය පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.

“ඊයේ දිනය තුළ ජාතික ජන බලවේගයේ පිරිසක් කොළඹ නගරයට පැමිණෙන බවට සහ එසේ පැමිණෙන අය කොළඹ නගරයේ යම් යම් ප්‍රදේශවල උද්ඝෝෂණ පැවැත්වීමට බලාපොරොත්තු වන බවට තොරතුරු තිබුණා. ඒ අනුව කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගත්තා යම් යම් ස්ථානවලට ඇතුළු වීම වළක්වාලමින් සහ මාර්ගවල ගමන් කිරීමේදී වාහනවලට සහ මගීන්ට බාධා ඇති නොවන ආකාරයට සහ ප්‍රචණ්ඩක්‍රියා සිදු නොවන ආකාරයට කටයුතු කළ යුතුයි කියන කාරණය සම්බන්ධයෙන්. ඒ වගේම මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගත්තා මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කරුණු ඉදිරිපත් කරලා, විශේෂයෙන්ම ලිප්ටන් වටරවුම ආශ්‍රිතව සහ රෝහල් චතුරස්‍රය ආශ්‍රිත ප්‍රදේශයේ යම්කිසි ආකාරයකින් මෙවැනි උද්ඝෝෂණ පැවැත්වුනහොත් එම රෝහල්ගතව සිටින රෝගීන්ට සහ එම ප්‍රදේශයට යම් බාධාවක් සිදුවන නිසා. ගරු අධිකරණය මගින් ඒ නියෝග ලබාදීලා තිබුණා.

ඒ තත්වය යටතේ විහාරමහා දේවී උද්‍යානය අවට සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ උද්ඝෝෂණකරුවන් රැස්වෙලා හිටියා. පොලිසිය ඒ අවස්ථාවේදී බාධාවක් කළේ නෑ. ඒ වගේම ලිප්ටන් වටරවුම ආශ්‍රිත ප්‍රදේශයේ රැස්වෙලා හිටියා, පොලිසිය බාධාවක් කළේ නෑ. නමුත් මෙම පිරිස යූනියන් පෙදෙස දෙසට පෙළපාලියකින් ගමන් කිරීම ආරම්භ කළා. එම අවස්ථාවේදී ඉබ්බන්වල මංසන්ධිය ආසන්නයේදී පොලිසිය එම පෙළපාලිය ගමන් කරන්න ඉඩදුන්නේ නෑ. මොකද එය නීතිවිරෝධී නිසා. පොලිසිය ඒ අවස්ථාවේදී කරුණු පැහැදිලි කිරීමක් කළා, පෙළපාලියක් යන්න අවස්ථාව දෙන්න බෑ, නමුත් ඔවුන්ට රැස්වෙලා කටයුතු කරන්න බාධාවක් නැහැ කියලා. නමුත් ඔවුන් පොලිසියට බාධා කරමින් පෙළපාලියක් යාමට සූදානම් වීම නිසා පොලිසියට සිද්ධ වුණා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන්නට. එහෙම කරලා තමයි පොලිසිය එම පෙළපාලිය පාලනය කළේ.

නමුත් කිසිම අවස්ථාවක පොලිසිය ඒ පිරිසට බැටන් ප්‍රහාර හෝ එවැනි පහරදීමක් සිදු කළෙත් නෑ. ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් පමණක් එල්ල කිරීමට කටයුතු කළා තත්වය පාලනය කරන්න. කඳුළු ගෑස් වැදීම නිසා පුද්ගලයින් 29 දෙනෙකු පමණ කොළඹ ජාතික රෝහලට ගොස් ප්‍රතිකාර ලබාගෙන තිබුණා. ඒ වගේම මේ සිද්ධියෙන් තෙරපීම නිසා සහ පෙළපාලිකරුවන් පොලිස් නිලධාරීන් සමග ඇතිවූ තෙරපීමත් සමග පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට පමණ තුවාල සිදුවෙලා ඔවුන් මේ වනවිට පොලිස් රෝහලට ඇතුළත් කරලා තියෙනවා. කෙසේවෙතත් මේ සිදුවීම සම්බන්ධව කොළඹ මධ්‍යම දිසාව භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ අවශ්‍ය විමර්ශන සිදුකරනු ලබනවා”

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (27) දහවල් පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...