තුර්කියට නැවතත් රික්ටර් මාපකයේ 5.6ක ප්‍රබලභු කම්පනයක්; එක් අයෙකු මරුට

Date:

දකුණු තුර්කිය සහ වයඹදිග සිරියාව හරහා 50,000 කට වැඩි පිරිසක් මිය ගිය පෙර දැවැන්ත භූමිකම්පා වලින් පසු මීට සුළු මොහොතකට පෙර නැගෙනහිර තුර්කියේ මලත්යා පළාතේ යෙසිලියර්ට් නගරයේ කේන්ද්‍රව රික්ටර් මාපකයේ 5.6ක ප්‍රබල භු කම්පන තත්වයක් ඇති වී ඇති බව රටේ ආපදා කළමනාකරණ ඒජන්සිය (AFAD) විසින් නිවේදනය කර තිබේ.

මෙම තත්වය හේතුවෙන් නිල මරණ එකක් මේ වන විට වාර්තා වී ඇති අතර තුවාල ලැබූවන් සංඛ්‍යාව සිය ගණනකි. පෙබරවාරි 6 වන දින සිදු වූ භූමිකම්පාවෙන් විපතට පත් වූවන් දැන් කූඩාරම් තුළ ජීවත් වන ගැසියන්ටෙප් මධ්‍යයට ද භූමිකම්පාව දැනී ඇති අතර එය නැවත වරක් භීතිය සහ වේදනාව ජනනය කිරීමට සමත්ව ඇති බව ජාත්‍යන්තර මාධය වාර්තා කර තිබේ.

තුර්කියේ ආපදා කළමනාකරණ ඒජන්සිය (AFAD) විසින් වාර්තා කරනු ලබන නිල වාර්තාවන්ට අනුව පෙබරවාරි 6 සිට පසු කම්පන 10,000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වී ඇතිබව සඳහන් වේ.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...