රුසියාවට සම්බාධක දැඩි වෙයි – බැංකු පද්ධතියටත් දැඩි බලපෑම්

Date:

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් රුසියාවට පැනවූ සම්බාධක දැඩි කිරීමට රටවල් රැසක් පියවර ගෙන තිබේ. මෙතෙක් රුසියානු දේශපාලනඥයන් සහ ප්‍රබල රාජ්‍ය නිළධාරීන්ට පමණක් පනවා තිබූ සම්බාධක ජනතාව සඳහාද ක්‍රියාත්මක කිරීමටයි එම රටවල් තීරණය කර තිබෙන්නේ.

ඒ අනුව ධනවත් රුසියානුවන්ට වෙනත් රටවල පුරවැසිභාවය ලබා ගැනීමේ අවස්ථා දැඩි ලෙස සීමා කර තිබෙනවා.

රුසියානු බැංකු රැසක් SWIFT ගෙවීම් ක්‍රමයෙන් ඉවත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපා රටවල් රැසක් කටයුතු කර තිබෙනවා. මෙම තත්වය මත රුසියානු බැංකු පද්ධතියට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ අතර රුසියානු මධ්‍යම බැංකුවේ තිබෙන ඇමරිකානු ඩොලර් බිලියන 630 ක විදේශ සංචිත වෙනත් රටවලදී භාවිතා කිරීමද වළක්වා තිබේ.

රුසියානු හමුදා යුක්රේනයේ කිව් අගනුවරට සමීපවීමත් සමග කිව් අගනුවර පුරා ඇඳිරි නීතිය පනවා තිබූ අතර එම ඇඳිරි නීතිය සඳුදා තෙක් දීර්ඝ කර තිබේ. සාමාන්‍ය ජනතාවට අවසරයකින් තොරව මාර්ගවල රැඳී සිටීම සපුරා තහනම් වේ.

මේ අතර රටවල් රැසක්, යුක්රේනයට සපයන යුදමය ආධාර ඉහල දමා තිබෙනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ඩොලර් මිලියන 350 ක් වටිනා යුද ආධාර පිරිනැමීමට තීරණය කර ඇති අතර යුද ටැංකි නාශක මිසයිල, ගුවන් යානා නාශක මිසයිල, ගිනි අවි ඊට ඇතුළත් වේ. මීට අමතරව ජර්මනිය, නෙදර්ලන්තය ඇතුළු තවත් රටවල් ගණනාවක් යුක්රේනයට සපයන යුද ආධාර ඉහළ දමා තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...