*
Saturday, April 20, 2024
spot_img

Latest Posts

ජනපති ප්‍රශ්න විසඳන්න දැඩි උත්සාහයක් ගන්නවා. විපක්ෂය නෑ නෑ කිය කියා ඉන්නවා – ශෂීන්ද්‍ර (VIDEO)

විපක්ෂය රටේ විවිධ භාණ්ඩ හිඟයන් හුවාදක්වමින් අඩුපාඩු පෙන්වීමට උත්සාහ දරමින් සිටිනවා විනා ඔවුන් කිසිවිටෙක මෙම ආර්ථික අර්බුදය විසඳීම සඳහා ප්‍රායෝගික යෝජනා කිසිවක් ඉදිරිපත් නොකරන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.

“ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ අපහසුතාවයන් සියල්ල විඳදරාගෙන මේ රට මනාව කළමනාකරණය කරන්න දැඩි උත්සාහයක් ගන්නවා. ඒ ගන්න උත්සාහය අතරමගදී විපක්ෂය සමහර වෙලාවට ‘ජනාධිපති ෆේල්, රටේ තෙල් නෑ, විදුලිය නෑ, ගෑස් නෑ’ කියලා විවිධ දේවල් හුවාදක්වමින් අඩුපාඩු පෙන්වන්න උත්සාහයක් ගන්නවා. හැබැයි මේ කිසිකෙනෙක් ආර්ථික අර්බුදයට විසඳුමක් දෙන්න පුළුවන් යෝජනාවක් කිසි තැනකදී කරන්නෙ නෑ. මේක අපේ රටට විතරක් ආවේනික දෙයක් නෙවෙයි, ලෝකයේ හැම රටක්ම මේ ආර්ථික අර්බුදවලට මුහුණ දෙනවා. ව්‍යාපාර, රටක රාජ්‍ය අංශයකට ප්‍රතිපාදන හොයාගන්න පුළුවන් ආදායම හොයාගන්න පුළුවන් අංශ සියල්ලම ඇනහිටලා තියෙන අවස්ථාවක අපටත් ශ්‍රී ලංකාව හැටියට මේකට මුහුණ දෙන්න සිදුවුණා. නමුත් දිස්ත්‍රික්ක මට්ටමෙන් ගම්මට්ටමෙන් කෙරෙන සංවර්ධන කටයුතුවල අඩුවක් පාඩුවක් තබන්න අතිගරු ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් මුදල් ඇමතිතුමාවත් කිසිසේත්ම කටයුතු කරලා නෑ”

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (26) පැවති උත්සවයක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan