අ‍ප්‍රේල් මාසයේදී බැසිල් ඇමරිකාවට – IMF සමග සාකච්ඡාවලට සූදානම්

0
560

ලබන අප්‍රේල් මාසයේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාවේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. මුදල් ඇමතිවරයාගේ ඇමරිකානු සංචාරයේ අරමුණ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ජාත්‍යන්තර සංවිධාන සමග සාකච්ඡා කිරීමයි.

මෙම සංචාරය තුළදී බැසිල් රාජපක්ෂ මහතා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධානීන් සහ ලෝක බැංකුවේ ප්‍රධානීන් සමග සාකච්ඡා කිරීමට නියමිතය. මෙම සාකච්ඡා වොෂින්ටන් නරගයේදී පැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මීට අදාල මූලික සාකච්ඡා මේ වනවිටත් ආරම්භ වී තිබෙනවා. එම සාකච්ඡා සාර්ථකව සිදුවන බවද වාර්තා වේ.

මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් දැනට පවතින මුල්‍ය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා සහන පැකේජයක් ලබා ගැනීමට හැකි වනු ඇත.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here