ජනපතිගේ වැටුපත් 90,000 යි. හෙදියන්ට ඊට වඩා ලැබෙනවා – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

Date:

රටේ ජනාධිපතිවරයාගේ වැටුපත් රුපියල් 90,000ක් පමණක් බවත් ඒ සමග සංසන්දය කිරීමේදී හෙද සේවයට ඊට වඩා පහසුකම් ලැබෙනා බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

“මේක රස්සාවක් නෙවෙයි, මේක වෘත්තියක්. සමහරවිටක ඔබ කරන සේවාවට ඔබට යම් දීමනාවක්, වැටුපක් ලබාදීම වෙනම එකක්. නමුත් අපි බැඳෙන්නෙ හොඳ සේවාවක් ඉෂ්ඨ කරන්නට. ජනාධිපතිතුමාගේ වැටුප රුපියල් 90,000 යි. අපි මේ සංසන්දනය කරනකොට අද ඊට වඩා අපි පහසුකම් ලබලා තියෙනවා. අපි පහසුකම් ලබන්න ලබන්න අපේ පැත්තත් ටිකක් හොඳ වෙන්නට ඕනෑ. ඔය අඩුපාඩුකම් තිබුණත් අපි පුළුවන් තරම් දුරට අපේ අගමැතිතුමාට ඇවිල්ලා, අපේ වර්තමාන ජනාධිපතිතුමාට ඇවිල්ලා මතක් කළොත් කවදාවක්වත් බෑ කියන්නෙ නෑ. හැබැයි මෑතක ඉඳන් අපට ගොඩාක් දුරට ඇහුම්කන් දෙනවා අපේ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිතුමාත් මොනවා හරි ප්‍රශ්නයක් ඇතිවුණොත්. මේකයි අවශ්‍යකම තිබෙන්නෙ. සමහරු හිටියා ඇහුම්කන් දීම කෙසේවෙතත් දොරවත් අරින්නෙ නැති ඇමතිවරු මේකෙ හිටියා. ලේකම්වරු හිටියා. අධ්‍යක්ෂකවරු හිටියා, අදත් ඉන්නවා, නෑ කියන්නත් බෑ”

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ නවක හෙදියන් 153 දෙනෙකු නයිටිංගේල් ප්‍රතිඥාව දී සේවයට කැපවීම වෙනුවෙන් ඊයේ (26) අරලියගහ මන්දිරයේදී පැවති උත්සවයක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...