ගල්ලෙන බිඳලා ලෙන්දොර හැරලා : සිංහයාත් නික්මගොස් ඇත …

Date:

මහාචාර්ය එදිරිවීර සරචන්ද්‍රයන් විසින් විරචිත සිංහබාහු දෘෂ්‍ය කාව්‍යයේ 1961-1969 කාලයේ සිහයාගේ චරිතයට පන පොවන ලද මාර්ක් ඇන්තනි ප්‍රනාන්දු මහතා ඊයේ (26) දිනයේ දිවිසැරිය නිමා කර ඇත.

ලාංකික අනන්‍යතාවකින් යුත් විදග්ධ හා ජනකාන්ත රංග සම්ප්‍රදායක් ප්‍රතිෂ්ඨාපනය කිරීම උදෙසා සරචන්ද්‍රයන් ගනු ලැබූ උත්සහය වඩාත් සාර්ථකව ජනතාව අතරට ගෙන යාමට මහත් පරිශ්‍රමයක් දරණු ලැබුවේ සිංහයාගේ චරිතය රගපෑ මාර්ක් ඇන්තනි ප්‍රනාන්දු යැයි පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත.

නාට්‍ය ආරම්භයේ සිටම ඔහු විදහා දක්වන රංගන තේජස නාට්‍ය අවසානය දක්වාම එකසේ රැක ගැනීමට ඔහු සමත් වන්නේ ප්‍රේක්ෂකයා මානව දයාර්ද ගුණයෙන් තමා වෙත ඇද බැද තබාගෙනය. එය නාට්‍යයේ ප්‍රගමනයට ද හේතු විය.

සිංහබාහු නාට්‍යයේ මුල් ජවනිකාවේ දී සිංහයාගේ චරිතයෙන් එදා දුටු තේජස අදටත් බොහෝ දෙනෙකුට අමතක නොවනු ඇත. මාර්ක් ඇන්තනි ප්‍රනාන්දු සිය රංගන කුසලතාව හරහා රැක ගනු ලැබූ නාට්‍යයේ ජීව ගුණය, දාරක ස්නේහයෙන් විප්‍රවාසයෙන් විදි වෙදනාවේ ශෝකයේ හා විලාපයේ දෝංකාරය හේතුවෙන්ම සිංහභාහු නාට්‍ය ලාංකීය ගීත නාට්‍ය සාහිත්‍යයේ මුදුන් මල්කඩක් බදුම විය.

එහිදී සිංහබාහු දෘශ්‍ය කාව්‍යයට නාට්‍යමය චමත්කාරයක් එක් කළ සිංහයාගේ චරිතය මනසින් බැහැරට නොයන්නා සේම ඔවුන්ගේ ගැයුම් ද ප්‍රේක්ෂක හද තුළ චිරාත් කාලයක් යන තෙක් ශේෂව පවතිනු ඇත.

පසුකාලීනව නාට්‍යයේ සිංහයාගේ චරිතය වෙනුවෙන් වෙනත් රංගවේදීන් ඉදිරිපත් වුවද සිංහබාහු නාට්‍ය ආරම්භක අවධියේ එය ජනගත කීරීමට වෙහෙස වූ මාර්ක් ඇන්තනි ප්‍රනාන්දු නම් රංගවේදියාට හිමි විය යුතු සුවිශේෂී ගෞරවය ලැබිය යුතුමය.

“පුතු සෙනේ පිතු හද තුළම මිස

නැත පුතුන් හද තුළ රඳන්නේ

ඇට තුළට වැද ඇට මිදුළු මත

සදා කල් නැත දුක් දෙවන්නේ” යැයි ගැයූ ඔහු ද අවසානයේ නික්ම ගොස් ඇත.

ප්‍රසාද සිත් ඇත්තෝ හරසර දක්වත්වා !

“ලෙන තුළ නොවෙති
පෙරලා නොඑති
ගොසින් සැම දෙන
නැතේ කිසිවෙක් …..”

  • සශිකලා මධුෂාණි

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලාංකිකයින්ට ඉතාලියෙන් විශේෂ අවස්ථාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : ඉතාලියේ රථවාහන ධාවනය...

විදෙස් ප්‍රේශන ගැන මහ බැකුවෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ LNW : මහ බැංකුව ...

කණිෂ්ඨයෝ දහස ඉක්මවා රොඳ බඳින ජාතික බැඩිමින්ටන් සූරතාවලිය

නිශ්මං රණසිංහ දෙසැම්බර් 13, කොළඹ LNW: මෙවර ජාතික බැඩිමින්ටන් සූරතාවලියට...

අපිත් ඒ කාලේ ලක්ෂ සීය,දෙසීය,තුන්සිය තෑගී දුන්නා. ආපහු ගත්තෙත් නෑ – වජිර

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවට පත් ජනතාවට ආණ්ඩුව...