ඇමතිතුමා දුවන්නෙ මොකද ? – රාජ්‍ය ඇමති සිසිරට දැඩි විරෝධයක්

Date:

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාට හෝමියෝපති වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසකගෙන් අමාත්‍යාංශය ඉදිරිපිටදීම දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

ඒ, ඊයේ දිනයේදී ඔවුන් හෝමියෝපති වෛද්‍ය පත්වීම්වල ගැටලු සම්බන්ධයෙන් ලිපියක් අමාත්‍යවරයාට භාරදීම සඳහා පැමිණි අවස්ථාවේදී ය.

ඇමතිවරයා එහි සිටි පිරිසට “ඕගොල්ලො රඟපාන්න එපා” යැයි ප්‍රකාශ කිරීමත් සමග තත්වය උණුසුම් වූ අතර විරෝධය මධ්‍යයේ ඔහු සිය සුඛෝපභෝගී මෝටර් රථයෙන් එම ස්ථානයෙන් පිටව යනු දක්නට ලැබිණි.

සාකච්ඡාවක් සඳහා තම නියෝජිතයින් පැමිණ ඇති බව අමාත්‍යවරයාට දැනුම් දී තිබියදීත් අමාත්‍යවරයා සිය මෝටර් රථයෙහි නැඟී අමාත්‍යාංශයෙන් පැන ගිය බවටයි වෘත්තීය සමිති නියෝජිතයින් චෝදනා කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : නූතන ජීවිතයේ රිද්මය...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්…

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : බොහෝ නිවාසවල සකස්...