මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක රොෂාන්ගේ ඝාත­නය පාතා­ල කොන්ත්‍රා­ත්තු­ව­ක්ද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 27 කොළඹ (LNW): මුහුණු ආව­ර­ණය කර ගත් යතු­රු­පැ­දි­ය­කින් පැමිණි නාදු­නන තුව­ක්කු­ක­රු­වන් දෙදෙ­නකු විසින් කර­න්දෙ­ණිය පරි­පා­ලන මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂක රොෂාන් කුමාර විතා­නාච්චි (51) මහ­තාට ඊයේ (26)  පෙර­වරු 6.50ට පමණ මි.මී.09 වර්ගයේ ගිනි අවි­ය­කින් වෙඩි තබා ඝාත­නය කර පළා ගොස් තිබුණු අතර, මෙම රොෂාන් කුමාර මහ­තාගේ ඝාත­නය කොන්ත්‍රා­ත්තු­ව­කට අනුව සිදුවූ පාතා­ලයේ ඝාත­න­යක් බවට පොලි­සිය සැක කරයි.

මෙම ඝාත­නය රාජ­කාරි මට්ට­මින් ඔහුට පැමිණි තර්ජ­න­යක ප්‍රති­ඵ­ල­යක් බව සැක කරන බවත්, මහ­ජන සෞඛ්‍ය පරී­ක්ෂ­ක­ව­රුන්ගේ සංග­මයේ භාණ්ඩා­ගා­රික ලෙසද කට­යුතු කරන රොෂාන් කුමාර  මහතා නීතිය දැඩිව ක්‍රියා­ත්මක කරන නිල­ධා­රි­යෙක් බව විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇති බව පැවසේ.

ඒ හේතුව නිසා ඔහු සමඟ උරණ වී සිටින පුද්ග­ල­යන්  ප්‍රමා­ණය විශාල බව ද අනා­ව­ර­ණය වී තිබේ.

රොෂාන් කුමාර මහතා වෘත්තිය වෙනු­වෙන් දැඩිව කැපවී කට­යුතු කරන නිල­ධා­රි­යෙක් බැවින් ඔහු යටතේ සිටින නිල­ධා­රි­ය­කුට පවා යම් වැරදි ක්‍රියා­වක් කිරී­මට ඉඩ නොලැ­බෙන බව ද විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත.

රොෂාන් කුමාර මහ­තාට ගිනි අවි­ය­කින් වෙඩි හත­රක් තබා ඝාත­නය කර ඇති බව පොලි­සිය කියයි.  දරු තිදෙ­න­කුගේ පියකු වන ඔහු තම බාල පුත­නු­වන් ඊයේ දින පාස­ලට භාර­දී­මට නිය­මි­තව සිටි අතර දරු­වාගේ ඇඳුමේ පැළ­ඳීම සඳහා පරි­ග­ණ­ක­යෙන් (නේම්ටැග්) නාම­පු­ව­රු­වක් සකස් කර­මින් සිටිය දී මෙසේ වෙඩි තබා නිවස තුළම ඝාත­නය කර ඇති බව පොලි­සිය කියයි.

යතු­රු­පැ­දි­ය­කින් වෙඩි­ක්කරු පැමිණ ඇති බවත්, යතු­රු­පැ­දිය නිවස ආස­න්නයේ නතර කොට වෙඩි­ක්කරු නිව­සට පැමිණ වෙඩි තබා පලා ගොස් තිබේ. ඔහු සමඟ තවත් පුද්ග­ල­යෙක් පැමිණ ඇති අතර  ඔහු පැදි­කරු වේ. මෑතක දී ඔහු බහු­ජා­තික සමා­ග­මක ආහාර නිෂ්පා­ද­න­යක් සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­න­යක නිර­තව සිට ඇති බවට තොර­තුරු ද ඇතැයි උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

ඒ සම්බ­න්ධ­යෙන්ද විම­ර්ශ­න­වල දී විශේෂ අව­ධා­න­යක් යොමු කරන බව එම නිල­ධා­රියා කීය. මෑත කාලයේ රොෂාන්  කුමාර මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන් සිදු­කළ වැට­ලීම් සහ නඩු  සම්බ­න්ධ­යෙන්ද විශේෂ අව­ධා­න­යක් විම­ර්ශ­න­ව­ලින් යොමු කර ඇත. දුර­ක­ථන ජාල විශ්ලේ­ෂ­ණ­යක්ද සිදු­ක­ර­මින් විම­ර්ශන  පැවැ­ත්වෙන බව පොලි­සිය කියයි.

ඇල්පි­ටිය වැඩ බලන මහේ­ස්ත්‍රාත් වජිරා පොන්න­ම්පෙ­රුම  මහ­ත්මිය සිද්ධිය වූ ඔහුගේ නිව­සට පැමිණ මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය සිදු කළ අතර මළ සිරුර මේ වන­විට ඇල්පි­ටිය රෝහලේ මෘත ශරී­රා­ගා­රයේ තැන්පත් කර ඇත. මේ වන විට ඇල්පි­ටිය,  කර­න්දෙ­ණිය,  අම්බ­ලං­ගොඩ ඇතුළු පොලිස් ස්ථාන කිහි­ප­ය­කින් පරී­ක්ෂණ කට­යුතු ආරම්භ කර ඇති බව පොලි­සිය සඳ­හන් කරයි. ඇල්පි­ටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­රයා සිද්ධි­යවූ ස්ථාන­යට පැමිණ අවශ්‍ය උප­දෙස් ලබා දුන්නේය. මේ වන විට සීසී­ටීවී දර්ශන පරීක්ෂා කර­මින් පව­තින අතර ඇල්පි­ටිය ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අනුර විජේ­සිරි,  ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ඉන්ද්‍ර­ජිත් වැල්ලගේ,  උප පොලිස් පරී­ක්ෂක විජය කුමාර ඇතුළු අප­රාධ අංශ නිල­ධා­රීන් සමඟ කණ්ඩා­යම් කිහි­ප­යක් පරී­ක්ෂණ කට­යු­තු­වල යොදවා ඇති බව ඇල්පි­ටිය  ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී කාර්යා­ලය කියා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...