ඩොලර් මිලියන 454ක දඩයක් නියම වූ, නිව් යෝර්ක් සිවිල් වංචා තීන්දුව අත්හිටවන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අභියාචනයක්

සටහන: සශිකලා මධුෂාණි, පෙබරවාරි 27,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නිව් යෝර්ක් නීතිපති ලෙටිටියා ජේම්ස් විසින් ගෙන එන ලද වත්කම් පිලිබඳ වංචනික තොරතුරු ඉදිරිපත් කර මිලියන ගණනක් ලාභ ලැබීමට එරෙහි නඩුවට විනිසුරු ආතර් එන්ගොරොන්ගේ පෙබරවාරි 16 වන දින ඩොලර් මිලියන 454ක දඩයක් ගෙවිය යුතු බවට දෙන ලද තීන්දුව අහෝසි කරන ලෙස හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතීඥයින් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

මෙම නඩු තීන්දුවට අනුව, විනිසුරු ආතර් එන්ගොරොන් විසින් හිටපු ජනාධිපතිවරයාට වසර තුනක කාලයකට නිව්යෝර්ක් නුවර ව්‍යාපාරික කටයුතුවල නිරතවීම තහනම් කර ඇති අතර ඔහුගේ පුතුන් සහ සම-විත්තිකරුවන් වන ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් සහ එරික් ට්‍රම්ප්ට ඩොලර් මිලියන 4 බැගින් (පවුම් මිලියන 3.17) දඩයක් සහ නිව් යෝර්ක් හි ව්‍යාපාර කිරීම වසර දෙකක තහනමකට ලක් කර ඇත.

පසුගිය වසරේ සිව් වතාවක් ට්‍රම්ප්ට එරෙහිව අපරාධ චෝදනා එල්ල වූ අතර 2020 මැතිවරණ පරාජය පෙරළා දැමීමට කුමන්ත්‍රණය කිරීම, රහසිගත ලියකියවිලි ගබඩා කිරීම, චිත්‍රපට නළු ස්ටෝමි ඩැනියෙල්ස් වෙත ගෙවන ලද හෂ් මුදල් සම්බන්ධ ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම මෙන්ම 2019 දී ඇයට ලිංගික අතවර කළ බවට චෝදනා කිරීමෙන් පසු ඇයව අපකීර්තියට පත් කිරීම සම්බන්ධයෙන් ඊ ජීන් කැරොල් ලේඛකයාට ඩොලර් මිලියන 83.3 ක් ගෙවීමට නියෝග කිරීම නඩු විභාග අතරින් කිහිපයකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලින්ගේ සුබසාධනය වෙනුවෙන් ඩඩ්ලි සිරිසේනගෙන් රුපියල් මිලියන 100ක ධන පරිත්‍යාගයක්

කාවන්තිස්ස මහ ඇතුගේ මරණය හරහා ඉගෙනගත් පාඩම යළිත් වෙනෙකෙකුට...

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...