සටහන – රෂිකා හෙන්නායක
පෙබරවාරි, 27 කොළඹ (LNW): රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා කොරියානු රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතාට ඊයේ (26) දැනුම් දී ඇත.
දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා කොරියානු රටට යවන බව පවසා රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් වංචා කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටි අතර ඔවුන් දෙදෙනාට බොරලැස්ගමුව පොලිසියට පැමිණීමට දැන්වුවත් එය නොසලකා හැර ඇති බැවින් අධිකරණයේ පෙනී සිටින ලෙස නොතිසියක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම දෙදෙනා සැකකරුවන් ලෙස නම් කර තිබේද යන්න කොටුව මහේස්ත්රාත්වරයා ඒ අවස්ථාවේ විමසා සිටි බව සඳහන් වේ.
“මෙතෙක් සැකකරුවන් ලෙස නම් කර නැහැ. විමර්ශන අවස්ථාවේ සිටින්නේ. පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන්නද පැමිණියේ නැහැ. අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසියක් නිකුත් කරන්න“ යැයි පොලිස් නිලධාරීන් කොටුව මහේස්ත්රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය. “සැකකරුවෙක් ලෙස නම් කර නැති නම් නොතීසි නිකුත් කරන්න බැහැ. නිසි ආකාරයෙන් නියෝග ඉල්ලන්න. “ යැයි කියමින් මහේස්ත්රාත්වරයා එම ඉල්ලීම ප්රතික්ෂේප කළ බව වැඩිදුරටත් වාර්තා වේ.