ලොවක් වසඟ කළ චීන සංස්කෘතික උළෙල!

කොළඹ LNW:මෙවරත් චීන සාම්ප්‍රදායික අවුරුදු උදාව පිළිගත්තේ චීන මාධ්‍ය සමූහය ඉදිරිපත් කළ අලංකාර වසන්ත උත්සව සංස්කෘතික ප්‍රසංගයකින්.

1983 වසරේ සිට චීන මාධ්‍ය සමූහය සෑම වසරකම නව වසර උදා වන මොහොතේ මෙම කලාත්මක ප්‍රසංගය පවත්වන අතර එය ලොව වැඩිම පිරිසක් සජීවිව නරඹන රූපවාහිනී වැඩසටහන ලෙස ද එය වාර්තා අතරට එක් වනවා.

නව අවුරුදු උදාව පිළිගනිමින් මෙවර පැවැත්වුණ ප්‍රසංගය ලොව පුරා 200 කට අධික රටවල් සහ කලාපයන්හි මාධ්‍ය ආයතන 3000 කට ආසන්න සංඛ්‍යාවක් ඔස්සේ විකාශය කෙරුණා. එමෙන්ම CGTN ජාලයේ ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, අරාබි, රුසියානු නාලිකා සහ භාෂා 82 ක මාධ්‍ය වේදිකා ද සම්බන්ධ වී එම ප්‍රසංගය විකාශය සහ වාර්තා කිරීම සිදු කෙරුණා.

මෙවර වසන්ත උත්සව ප්‍රසංගයට චීන නැටුම් ගැයුම්, ඔපෙරා, සටන් කලාවන් මෙන්ම අපූරු මානවරූපි රොබෝ නර්තන වැනි විශේෂාංග ද එක් කර තිබුනේ චීන සංස්කෘතියේ අනන්‍ය චමත්කාරය විදහා දක්වමින්.

දිනුෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගමට ඇප ලැබුණත් යළි බන්ධනාගාරයට

සටහන - රුවන් නෙළුගොල්ල රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු විදේශ...

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...

PSTA වෙත විරෝධය පළකරමින් වෘත්තීය සමිති සහභාගීත්වයෙන් කොළඹදී විරෝධතාවක්! (PHOTOS)

කොළඹ LNW:පොදුජන වෘත්තීය සමිති මධ්‍යස්ථානය,වෘත්තීය සමිති හා වෘත්තිකයින්ගේ ජාතික...