පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු අල්ලස් අරන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 27 කොළඹ (LNW): ඉත්තෑපාන පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු විසින් රුපියල් 10,000ක අල්ලස් මුදලක් ලබාගෙන ඇති අතර ඔවුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

යගිරල ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමකදී පොලිස් නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වේ.

පැමිණිලිකරුගේ රථ වාහන නඩුවක් සම්බන්ධයෙන් භාරයට ගත් රියදුරු බලපත්‍රය නැවත ලබාදීමට සහ බලපත්‍රය නීත්‍යානුකූල රියදුරු බලපත්‍රයක් ද යන්න පරීක්ෂා කර බලා නීතිමය කටයුතු නොකර සිටීම සඳහා රුපියල් 10,000ක අල්ලස් මුදලක් ඔවුන් විසින් ඉල්ලා ඇති බව සඳහන්වේ.

අදාළ මුදල ලබාගැනීම සහ ඒ සඳහා ආධාර අනුබල ලබාදීම යන චෝදනා සම්බන්ධයෙන් ඉත්තෑපාන පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන අතර, මෙම සැකකරුවන් අද (27) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...

මහරගම අපේක්ෂා රෝහලට රු. මි. 600 ක වටිනාකමකින් යුත් පස්මහල් ළමා වාට්ටු සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW රෝහල්වල ඉදිකිරීම් දීර්ඝ කාලීනව...

දරුවන්ට අහිතකර ප්ලාස්ටික් නිෂ්පාදන ගැන රජය දැඩි තීන්දුවක!

කොළඹ LNW:ඉදිරි මාස දෙකක කාලය ඇතුළතදී දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර...