චමරි ගෙන්නා හිඳුවා තැබීම

Date:

සටහන – නිශ්මං රණසිංහ

පෙබරවාරි, 27 කොළඹ (LNW): චමරි අතපත්තු ඉන්දීය කාන්තා ලීගයේ වෙන්දේසියේ දී නොසළකා හැරීම සම්බන්ධයෙන් ලොව පුරා ක්‍රිකට් විචාරකයෝ සිය නොසතුට මෙන්ම විමතිය ද පළ කළහ.විස්සයි විස්ස අයිසීසි සම්මානයට පාත්‍ර වූ සහ ලොව පුරා පවත්වන ෆැන්චයිස් ක්‍රිකට් සංස්කෘතිය තුළ ඉහළම ඇගයීමක් ලැබෙන ක්‍රීඩිකාවක ද වන චමරි එසේ නොසළකා හැරීම ගැන එල්ල වූ විවේචන පසුබිමේ තිබියදී යූපී වොරියර්ස් කණ්ඩායම සිය කණ්ඩායමේ ඇති වූ පුරප්පාඩුවකට ඇයව එහි කැදෙව්වාය.


චමරි ද ඇය ව නොතේරීම සම්බන්ධයෙන් නොසතුට පළ කරන ආකාරයේ යම් යම් ප්‍රකාශ කර තිබියදී ඇයගේ යූපී වොරියර්ස් කණ්ඩායමට කැඳවීම සිඳු වූ අතර මේ වන විට ක්‍රියාත්මක තරගාවලියේදී එම කණ්ඩායම ක්‍රීඩා කළ තරග දෙකේදීම චමරි කණ්ඩායමට ඇතුළත් නොකරන්නට ඔවුන් වග බලාගෙන තිබිණි.ඕස්ට්‍රේලියානු නායිකා අලීසා හීලි ගේ නායකත්වයෙන් යුත් එම කණ්ඩායමේ මුල් 11 දෙනාට චමරි නොකැඳවා ඇය කාන්තා ලීග් තරගාවලියට නොතේරීම සම්බන්ධයෙන් ඇති වූ විවේචනවලට පිළිතුරක් ලෙස චමරි කැඳවා අතිරේක ක්‍රීඩිකාවක ලෙස බංකුවේ හිඳුවා තැබීමට කටයුතු කරන්නේ ද යන්න මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණක්ය.


චමරිව සගවා තබා මේ වන විට ක්‍රීඩා කළ තරග දෙකම පරාජය වී ඇති යුපී වොරියර්ස් කණ්ඩායම හෙට සිය තෙවන තරගයේදී මුණ ගැසෙන්නේ අපරාජික සිටින මුම්බායි ඉන්දියන් කණ්ඩායමය.එහිදී ද චමරි හිඳුවා තබන්නටම යුපී වොරියර්ස් පරිපාලනය කටයුතු කරයි ද යන්න සැක සහිතය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්ෂ දහයෙ රත්තරන් තහඩුව ….

එකපාරටම කඩාපාත් වුන ගංවතුර ව්‍යසනයේ මහජන ආතතිය ආන්ඩුව පැත්තට...

ධම්මිකගේ LB ෆිනෑන්ස් පිලිපීනයටත් ව්‍යාප්ත වෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල LB Finance PLC සිය කලාපීය සේවා...

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...